Colombo Today Local News

උ/නැගෙනහිරට දෙමළ ප්‍රාන්තයක් ඉල්ලන යෝජනාව සම්මතයි !

උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර දෙමළ කතා කරන ජනතාව වෙනුවෙන් ෆෙඩරල් පාලන ක්‍රමයකින් යුතු ප්‍රාන්ත පාර්ලිමේන්තුවක් සහිත බලය බෙදා හැරීමේ ක්‍රමයක් ඇතුලත් සී.වී. විග්නේෂ්වරන් ඉදිරිපත් කළ යෝජනාව අද (22) සම්මත විය.

මෙම ක්‍රමය විසඳුමක් නොවන බවත් එයින් බරපතල ප්‍රතිවිපාක ඇති විය හැකි බවත් වන්නි පළාත් සභා මන්ත්‍රී වන්නිහාමිගේ ජයතිලක සහ ධර්මපාල සෙනෙවිරත්න මහත්වරු පැවසූහ. ඔවුහු කියා සිටියේ මෙම යෝජනාව සම්මත කර පලක් නොලැබෙන නිසා යෝජනාව නොගෙනෙන ලෙසත් සම්මත නොකරන ලෙසත්ය.

උතුරු පළාත් සභාවේ මුළු සාමාජික සංඛ්‍යාව 38 කි. එහෙත් ජන්දය දෙන අවස්ථාවේ එහි සිටයේ ජයතිලක සහ ධර්මපාල මන්ත්‍රීවරුන් හැර මන්ත්‍රීවරු 28 ක් වූහ. යෝජනාව ඒකමතිකව සම්මත විය. ජයතිලක සහ ධර්මපාල මන්ත්‍රීවරු ඡන්දය ප්‍රකාශ කරන අවස්ථාවේ එහි නොසිටියහ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ දී ඊට ඇතුලත් කිරීම සඳහා ජනපතිට හා විපක්ෂ නායකට යෝජනාවේ පිටපත් යැවීමට ද තීරණය විය.

ජයතිලක මන්ත්‍රීවරයා සඳහන් කළේ යෝජනාවේ සිංහල කෙටුම්පතක් පළාත් සභාවෙන් සකස් කර නැති බවත් තමාට හා සෙනවිරත්ක මහතාට එහි සිංහල පිටපත් නොලැබුණු බවත්ය.

සිංහල ජනතාවට කැමති පරිදි දකුණේ ප්‍රාන්ත සකස් කර ගත හැකි බව යෝජනාවේ සඳහන් බව සිවාජිලංගම් මහතා කීවේය.

මධ්‍යම රජයේ පාර්ලිමේන්තුව ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යාමට තම යෝජනා කිසිඳු අවහිරයක් නොවන බවත් අතිරේක වශයෙන් උත්තරීතර මන්ත්‍රී මණ්ඩලයක් පිහිටුවා ගැනීමත් යෝජනාවේ සඳහන් බව ද ඔහු කීවේය.

Related posts

ගම්මන්පි හිර ගෙදර බත් එපා කී හේතුව හෙළිවෙයි

colombotoday

ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් විවේචනයක්

colombotoday

රනිල් අගමැතිකමෙන් ඉවත් නොකිරීම නිසා රටට වෙන දේට ජනපති වගකිව යුතුයි

colombotoday

ගම්පහ මාර්ග හතක පෞද්ගලික බස් වර්ජනයක්

Admin

වෙරළබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin

දිලුම් අමුණුගම ත‍්‍රස්ත විමර්ශන ඒකකයට කැදවයි..

colombotoday