Colombo Today Local News

ගෝඨා කඳවුර ගැන වියත්මගේ මහාචාර්ය චන්න ජයසුමනගෙන් විවේචනයක්

අවුරුදු 4ක් තිස්සේ යම් අපේක්ෂකයෙක් ඉදිරියට ගෙන එන්න කැපකිරීමක් කල බවත් ඔහුට නාමයෝජනා ලැබීමෙන් පසු දැන් තමාගේ වටිනාකමක් නැති බවත් ජනාධිපතිවරණයෙන් පසු දැනට තියෙන වටිනාකමත් නැති වෙතැයි තමන් විශ්වාස කරන බව “වියත්මග” ප්‍රධාන කථිකයෙකු වන මහාචාර්ය චන්න ජයසුමන පවසනවා.

225ම එපා දැන උගත් අලුත් පරපුරක් ඉදිරි මැතිවරණයේදී ඉදිරියට ගෙන ආ යුතු බව පැවසුවද දැන උගත් පරපුරට නාමයෝජනා ලැබෙතැයි තමා විශ්වාස නොකරන බව පැවසූ මහාචාර්යවරයා දැන් ඉන්න කට්ටියටවත් නාමයෝජනා දීමට නොහැකි තත්වයක් උද්ගතවී ඇති බව සඳහන් කර සිටියා.

ජනාධිපතිවරණය හේතුවෙන් කතා නොකර ඉන්න මාතෘකා කිහිපයක් තිබෙනවා. හිස්බුල්ලාගේ විශ්වවිද්‍යාලය, ෂාෆිගේ ක්‍රියාදාමය සහ ඒ හා බැදිච්ච තවත් කාරනා කිහිපයක් පිළිබඳව හිතා මතාම අඩුවෙන් කතා කරනවා. නැත්නම් කතා නොකර ඉන්නවා. එකක් තමයි කතා කලොත් කෝල් කරලා කියනවා කතා කරන්න එපා කියලා. අනික තමයි පස්සේ අපිට චෝදනාවක් එල්ලවෙන්න තියෙනවා අපි කඩාකප්පල්කාරී ක්‍රියාවක් කලා කියලා… අපේම කඳවුර ඇතුළෙන්ම. ඒ නිසා සමහර ඒවා අමරුවෙන් දරාගෙන ඉන්නවා.

මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ බව කියා සිටියේ ඊයේ (4) කොළඹ පදනම් ආයතනයේදී පැවති පූජ්‍ය සංසුන්ගම ඤාණරතන හිමියන් විසින් රචිත ‘කදුළින් ලියැවුණ රටක අපේක්ෂා“ ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට සහභාගී වෙමිනි.

Related posts

රු.65ක්ව පැවැති ආනයනික සහල් වෙළඳ බද්ද රුපියලට අඩු කරයි

Admin

විදේශ මුදල් ජාවාරමක් කටුනායකදී වටලයි

colombotoday

අවුරුදු 10ක දරුවෙකු පණගැන්වූ යතුරුපැදියක ගැටී සිගිත්තියක් මරුට

colombotoday

ජනපති අද සමුළුව අමතයි

Admin

තෙල් දුම්රිය ගමන් වාර හතරක් අවලංගුයි

colombotoday

අය වැයට පෙර මහ පෙරළියක් !! ශ්‍රීලනිපය – ඒකාබද්ධය රහස් සාකච්ඡාවක..

colombotoday