Colombo Today Local News

විසර්ජන පනත් කෙටුමිපතට මුදල් කාරක සභාවේ අනුමැතිය

විසර්ජන පනත් කෙටුමිපතට (2022) මුදල් පිළිබඳ කාරක සභාවේදී අනුමැතිය හිමිවිය.

විසර්ජන පනත් කෙටුමිපත පළමු වර කියවීම ලෙස පාර්ලිමේන්තුවට පසුගිය සැප්තැම්බර් මස 29 වෙනිදා ඉදිරිපත් කරනු ලැබීය.

පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත්වූ මෙම විසර්ජන පනත් කෙටුම්පතෙහි ඇතුළත් ඇස්තමේන්තුගත රජයේ සමස්ත වියදම රුපියල් කෝටි පන්ලක්ෂ දහ තුන් දහස් හාර සියයකි.

රාජ්‍ය ණය ආපසු ගෙවීම සඳහා වියදම රුපියල් කෝටි එක්ලක්ෂ පනස් දෙදහස් එක සියයක් ලෙස සඳහන් වන බව එහි සඳහන් වේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් සහ භාණ්ඩාගාර ලේකම් ආචාර්ය එස්.ආර්.ආටිගල මහතා පනත් කෙටුම්පත තුළ වන පුනරාවර්තන වියදම් කාරක සභික මන්ත්‍රීවරුන්ට පැහැදිලි කළේය.

එහි ප්‍රධාන වශයෙන් රාජ්‍ය සේවක වැටුප් ගෙවීම පිණිස රුපියල් කෝටි අනු අට දහසක්ද රාජ්‍ය ණය පොලී ගෙවීම පිණිස රුපියල් කෝටි ලක්ෂ්‍යයක්ද විශ්‍රාම වැටුප් හා ආබාධිත රණවිරු සුබසාධන ගෙවීම් සඳහා රුපියල් කෝටි තිස් එක් දහසක්ද වෛද්‍ය සැපයුම් සඳහා රුපියල් කෝටි හයදාස් අටසීයක්ද සමෘද්ධිය සඳහා රුපියල් කෝටි පන්දහසක් ද පොහොර සඳහා රුපියල් කෝටි 3500ක්ද වෙනත් සහනාධාර සඳහා රුපියල් කෝටි 6900 ක්ද ප්‍රතිපාදන ලෙස වෙන් කර ඇති බව හෙතෙම සඳහන් කළේය.

Related posts

මහබැංකු මගඩිය: අර්ජුන් මහේන්ද්‍රන්ට තවමත් දඩුවම් දීලා නෑ – ඇමරිකාව කියයි

colombotoday

ලබන වසරේ සිට ඉන්ධන මිල දෛනිකව සංශෝධනය කරයි

Admin

බොරැල්ල කනත්තෙන් ගොඩ එන මළ මිනී

colombotoday

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

colombotoday

ජනපති ඝාතන කුමන්ත්‍රණයක් ගැන කසුකුසු ! කුමන්ත්‍රණය පිටුපස ප්‍රබල එජාප ඇමතිවරයෙක් ?

colombotoday

ක්‍රෙඩිට් කාඩ් පොළිය 36% ක් දක්වා ඉහළට

colombotoday