Colombo Today Local News

තෙමහල් නිවසක කුෂ් වගාවක් වටලයි

මුල්ලේරියාව – හිඹුටාන ප්‍රදේශයේ නිවසකින් කුෂ් මත්ද්‍රව්‍ය නිපදවන ශාක 33ක් තලංගම දූෂණ මර්දන අංශය විසින් අද(26)දින සොයා ගෙන තිබේ.

තෙමහල් නිවසක ඉහළ මාලයේ විශේෂිත කුටියක මෙම කුෂ් මත්ද්‍රව්‍ය නිපදවන ශාක වගා කර තිබියදී සොයා ගෙන ඇත.

වායු සමීකරණ යන්ත්‍ර සවි කර නියමිත උෂ්ණත්වය පවා පවත්වාගෙන යමින් අදාළ කුටියේ මෙම ශාක වගා කර තිබූ අතර, එම නිවස ඉදිකිරීම් සිදු කරන පුද්ගලයෙකුට අයත් බවට හෙළි වී තිබේ.

43 හැවිරිදි එම සැකකරු සහ අදාළ නිවසේ වගා කරන ලද ශාක තොගය වැඩිදුර පරීක්ෂණ සඳහා තලංගම දූෂණ මර්දන අංශය විසින් මුල්ලේරියාව පොලීසියට භාර දී තිබේ.

Related posts

ජල මිල ඉහළ දැමීම ගැන සජිත්ගෙන් රජයට චෝදනා

Admin

කතරගම රිය අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ශයට

Admin

නව රාජ්‍ය තාන්ත්‍රිකයින් 17 ක් අක්තපත්‍ර භාර දෙයි

colombotoday

කොණ්ඩයා නිරුවතින් වත්තකට පැන එළදෙනකට හදි කරන්න හදලා.. අල්ලන්න පොලීසියෙන් සොයයි

colombotoday

තිලීපන් සැමරුම් තහනම් කරන්නැයි වව්නියාව පොලීසිය ඉල්ලු නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

Admin

රුපියල බාල්දු වුණේ ට්‍රම්ප් උන්නැහේගෙ ගොන් වැඩ නිසා.. මාගේ ආණ්ඩු කාලේ රට ශීඝ්‍රයෙන් සංවර්ධනය වුණා

colombotoday