Colombo Today Local News

ක්‍රෙඩිට් කාඩ් පොළිය 36% ක් දක්වා ඉහළට

ක්‍රෙඩිට් කාඩ්පත් සඳහා අය කරනු ලබන වාර්ෂික පොලී අනුපාතික තවදුරටත් වැඩි කිරීමට මෙරට වානිජ බැංකු කිහිපයක් විසින් මේ වන විට පියවර ගෙන ඇත.

එම බැංකු සදහන් කරන්නේ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා සිදුකරනු ලබන ගනුදෙනු වෙනුවෙන් අයකරනු ලබන වාර්ෂික පොලී අනුපාතිකය 36% ක් දක්වා ඉහළ නංවා ඇති බවයි.

ණය කාඩ්පත් සඳහා පනවා තිබූ උපරිම පොලී අනුපාතික සීමා ඉවත් කිරීමට ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය පසුගිය අප්‍රේල් 08 දින තීරණය කරනු ලැබීය.

එම තීරණයෙන් පසු එතෙක් 18% ක්ව පැවති ණය කාඩ්පත් පොලිය 24% ක් දක්වාත් ඉන්පසු ඉන් පසු 30% ක් දක්වාත් ඉහළ දමන ලදී.

අද වන විට එය 36%ක් දක්වා වැඩි වී ඇත.

මෙවැනි ඉහළ පොලී අනුපාතිකයක් නියම වී ඇති පසුබිමක් තුළ ක්‍රෙඩිට් කාඩ්පත් හරහා ගනුදෙනු කිරීමේ දී වඩාත් සකසුරුවමින් ඒවා භාවිතා කිරීමට ගනුදෙනුකරුවන් කල්පනාකාරී විය යුතු බව වාණිජ බැංකු වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

ගෑස් සිලින්ඩරයක් පුපුරා පුද්ගලයින් 6ක් රෝහලේ…

Admin

ගිනි ගත් එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ කපිතාන් අත්අඩංගුවට

colombotoday

ආණ්ඩුව යන මග වැරදියි.. ඉවසුවා ඇති ! මහා සංඝ සම්මේලනයක් කොළඹට කැඳවන්න යයි..

colombotoday

රුපියල බාල්දු වුණේ ට්‍රම්ප් උන්නැහේගෙ ගොන් වැඩ නිසා.. මාගේ ආණ්ඩු කාලේ රට ශීඝ්‍රයෙන් සංවර්ධනය වුණා

colombotoday

අමාත්‍යාංශවලට වෙන්කළ මුදල් කප්පාදු කරයි

Admin

රාජ්‍ය ඇමතිනී විජයකලා ජාතික කොඩිය ඔසවන්න බෑ කියයි

colombotoday