Colombo Today Local News

ජනපති අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවාලු

අරගලකරුවන්ට විහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනබව පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ ජනාධිපතිවරයා කටයුතු කරන ආකාරය සම්බන්ධයෙන් කනගාටු වන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා කොළඹදී අද (22)දින පැවසීය.

අරගලකරුවන් පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අරගලකරුවන්ට, නීතීඥයින්ට, මාද්‍යවෙදීන්ට පහරදිම රටේ ප්‍රතිරුපයට විශාල හානියක් බවත් කිරිඇල්ල මහතා සඳහන් කළේය.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී තවදුරටත් අදහස් දැක්වූ විපක්ශයේ ප්‍රධාන සංවිධානය ලක්ශ්මන් කිරිඇල්ල මහතා මෙසේ ද කීවේය.

“මෙම සාමකාමී අරගලය දෙස මුළු ජත්‍යන්තරයම බලගෙන හිටියා. එමෙන්ම ඔවුන් ප්‍රකාශ කර තිබුනා පැය 24ක් ඇතුලත මෙම අරගලය තාවකාලිකව නවත්වන බවත්. එසේ තිබියදි මෙම පහරදිම ගැන අපිට කිසිසෙත්ම පිලිගන්න බැහැ. අරගලකරුවන්ට වීහාර මහා දේවි උද්‍යානය වෙන් කර දෙනවා කියලා පසුගියදා පක්ශ නායක් රැස්වීමෙදි නව ජනාධිපතිවරයා අපිට පැහදිලිවම කිව්වා. පැය 24න් ඉවත් වන බව ප්‍රකාශ කර තිබියදි අහින්සක අරගලකරුවන්ට,නීතිඥ මහත්වරුට, මාද්‍යවෙදීන්ට ,ජත්‍යන්තර මාද්‍යවෙදීන්ට පහරදිම අපේ ප්‍රතිරුපයට විශාල හානියක්. අපේ රට බංකොලොත් වෙලා තියන අවස්ථාවක විශේෂයෙන්ම බටහිට රටවල් වලින් අපි උදව් ඉල්ලන අවස්ථාවක මෙවනි ප්‍රහාරයක් එල්ල කිරිම ශ්‍රී ලංකාව කබලෙන් ලිපට දැමිමක් බව ප්‍රකාශ කරනවා. ඒවාගෙම දැනටමත් මෙම ප්‍රහාරය යුරොපා හවුල ,මහා බ්‍රිතාන්‍ය,ඇමෙරිකව,කැනඩාව වැනි රටවල් තරයේ හෙලා දැකලා තියනවා. දැනටමත් අපේ රටට විරුද්ධව ජත්‍යන්තර මානව හිමිකම් කවුන්සිලය ඉදිරියේ යොජනාවක් සම්මත වෙලා තියනවා. දැන් මේ ප්‍රශ්න ඒවාට එකතු වුනාම අපිට විශාල ජත්‍යන්තර අර්බුදයකට මුහුන දෙන්න සිද්ද වෙනවා මේ රජය යන්නෙත් පරන රජය ගිය පාරේමයි කියන එක ඉතාමත් පැහැදිලියි.”

Related posts

පුරාවිද්‍යා භූමියක් වනසා අන්තවාදී අරාබි පාසලක් හදලා… පාසල් බිමෙන් චෛත්‍යක කොටස් හමුවෙයි…

colombotoday

කුවේට් ගෘහ සේවිකාවන් බහුතරයකට කොවිඩ්

colombotoday

තොරතුරු තාක්ෂණය පිළිබඳ ලොව ප්‍රධාන පෙළේ ආයතනයක් ලංකාවට

colombotoday

කාන්තාවකට බලහත්කාරකමක්…! බෝගොල්ලාගමගේ බිරිද සහ දියණිය දුටුතැන අල්ලන්න නියෝග

colombotoday

හිටපු ජනාධිපතිනියගේ ඔළුව හොදටම විකාර වෙලා.. ගෞරවයක් දී පැත්තකට කර තැබිය යුතුයි

colombotoday

ශ්‍රී ලංකාවේ සිට ඉන්දියාවට පැය 13කින් පිහිනා ගිය දැරිය

colombotoday