Colombo Today Local News

ආණ්ඩුව යන මග වැරදියි.. ඉවසුවා ඇති ! මහා සංඝ සම්මේලනයක් කොළඹට කැඳවන්න යයි..

වත්මන් ආණ්ඩුව විසින් සිදු කරනු ලබන ජනතා විරෝධී ක්‍රියාදාමයන් තව දුරටත් ඉවසිය නොහැකි බැවින් ඉතා ඉක්මනින් මහනායක හිමිවරුන් දැනුවත් කර උන්වහන්සේලාගේ ආරාධනය සහිතව මහා සංඝ සම්මේලනයක් පැවැත්වීමට කටයුතු කරන බව පැවිදි හඬ සංවිධානයේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන් පවසයි.

උන්වහන්සේ මේ බව ප්‍රකාශ කළේ ඊයේ (13) පැවති එම සංගමයේ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.මහින්ද රාජපක්ෂ මහතා වසර 10 කින් සිදුකළ හොරකම්වලට වඩා වත්මන් රජය වසර 2 ක් තුළ හොරකම් සිදුකර ඇති බවත් මහින්ද රාජපක්ෂ මහතා හොරකම් සිදුකළත් රටට වැඩක් සිදු කළ බවත් ඒ හිමියෝ පැවසූහ.

අද වන විට රට ප්‍රපාතයකට ගොස් ඇති බවත්, රජය බලයට පත්වන විට පැවසු වෙනස අද සැපක් වී ඇත්දැයි උන් වහන්සේ මෙහිදී ප්‍රශ්න කළ අතර කෙසේ හෝ 1948 වසරින් පසු බලයට පත්වු වැඩිම ව්‍යවසනයන්ට මුහුණ දුන් රජය වත්මන් ආණ්ඩුව බවත් අද වන විට රටට අවශ්‍ය වී ඇත්තේ නව ව්‍යවස්ථාවක් නොව ජිවත් වීමේ ක්‍රමයක් බවත් කියා සිටියහ.රටට විපත්තියක් වු සෑම අවස්ථාවකදීම මහා සංඝයා අතීතයේ සිටම ඉදිරිපත් වු බවද උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළහ.

Related posts

මත්පැන් මිල වැඩිවේ

colombotoday

කුරුණෑගල විල්ගොඩ ප්‍රදේශය හුදෙකලා කරේ

colombotoday

“අගමැති ක්ලීන්.. බැදුම්කර හොරකමට සම්බන්ධ නෑ“ ශ්‍රීලනිපය නිල වශයෙන් කියයි

colombotoday

යාපනයේ වඩමරච්චි වල්ලිපුරන් මාර්ගයේ පිපිරීමක්

colombotoday

“ආහාර සපයා ගත හැකි සුළු පිරිසක් ඉතිරි වී ඉතිරි පිරිස මිය යාවි.”

colombotoday

තියුණු කැපුම් තළ 300ක් කැකිරාව වැවකින් මතුවෙයි… ඕනෑම අවස්ථාවක භාවිතයට ග්‍රීස් ගල්වා තිබිලා..

colombotoday