Colombo Today Local News

“අගමැති ක්ලීන්.. බැදුම්කර හොරකමට සම්බන්ධ නෑ“ ශ්‍රීලනිපය නිල වශයෙන් කියයි

hghg223

බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බලන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කණ්ඩායම නිරීක්ෂණය කළ කිසිදු ලේඛනයක අදාළ සිදුවීමට අග්‍රාමාත්‍යවරයා සම්බන්ධ බවට සඳහන්ව නොතිබූ බව මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා සඳහන් කළේය.

පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට වාර්තාවක් ලබාදීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් 09 දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කළ බවද හෙතෙම පවසා සිටියේය.

එම කමිටුව විසින් නිර්දේශ 06කින් යුත් කමිටු වාර්තාවක් සකස් කර තිබෙන බවත්, ඉදිරි දිනකදී එම වාර්තාව පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට බාරදෙන බවද අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙම කමිටුව විසින් කොප් කමිටු වාර්තාව ඇතුළු වාර්තා කිහිපයක් සැලකිල්ලට ගත් බවද අබේවර්ධන මහතා පවසා සිටියේය.

Related posts

“හම්බන්තොට චීනයට දි ගත් සල්ලිවලින් පුංචි වරායවල් සංවර්ධනය කරනවා” – වරාය ඇමති

colombotoday

යාපනයේ නාවික සෙබලුන් 51කට කොරෝනා

colombotoday

ව්‍යාජ වෙබ් අඩවියක වීසා ජාවාරමෙක් කොටු වෙයි

Admin

වගා ආරක්ෂාවට නව ගිනිඅවි බලපත්‍ර නිකුත් කරන්න තීරණයක්

Admin

විධායක ජනාධිපති ක්‍රමය රටට අවශ්‍යයි – 20ට එරෙහිව පළමු වෙඩි මුරය අස්ගිරියෙන්

colombotoday

ඉන්ධන QR කේතය මාස තුනකින් අවසන්

Admin