Colombo Today Local News

රාගම වෛද්‍ය පීඨ සිසුන්ට පහරදීම : ඇමති අරුන්දිකගේ පුතා අත්අඩංගුවට

රාගම වෛද්‍ය පීඨයේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතාගේ පුත්‍රයා පොලිසියට භාරවීමෙන් පසු අත්අඩංගුවට ගෙන තිබේ.

රාජ්‍ය අමාත්‍යවරයාගේ 23 හැවිරිදි පුත්‍රයා නීතිඥයෙකු මාර්ගයෙන් ඊයේ රාත්‍රී පොලීසියට භාර වී ඇති බව පොලිසිය පවසයි.

මේ අතර මෙම පහරදීම සඳහා පැමිණි මෝටර් රථයක් කළුබෝවිල ප්‍රදේශයේදී පොලීසිය භාරයට ගෙන තිබේ.

ඒ අනුව සිද්ධියට අදාළව මේ වනවිට සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන් හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා වැලිසර මහේස්කත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.

රාගම වෛද්‍ය පීඨයේ සිව් වැනි වසරේ පිරිමි නේවාසිකාගාරයේ ඊයේ අලුයම මෙම ගැටුම හට ගෙන තිබිණ.

පොලීසිය පැවසුවේ සිව්වන වසරේ සිසුන් හා තුන්වන වසරේ සිසුවෙකු මුල්වී මේ ගැටුම හටගෙන ඇතැයි විමර්ශනවලදී පෙනී ගිය බවයි.

ගැටුමෙන් තුවාල ලැබූ තිදෙනෙකු රාගම රෝහලේ සහ එක් අයෙකු මීගමුව රෝහලට ඇතුළත් කර තිබුණි.

පොල් සංවර්ධන මණ්ඩලයට අයත් මෝටර් රථයකින් පැමිණි බාහිර පිරිසක් තමන්ට පහරදුන් බව සිව්වන වසර් සිසුන් චෝදනා කළ අතර අදාළ වාහනය හා රියදුරු ඔවුන් සිය භාරයට ගෙන තිබිණ.

Related posts

විදේශ ආයෝජන ඩොලර් මිලියන 640 ක්‌ ඉවත් කරගෙන

colombotoday

බාල දැරියකට ලිංගික අතවර කරලා… ජවිපෙ රත්නපුර දිස්ත්‍රික් අපේක්ෂක මොහොමඩ් හනාස් අත්අඩංගුවට…

colombotoday

මහාවංශය ලෝක මතක ලේඛන උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කරයි

Admin

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

colombotoday

පෙළ පොත් සඳහා පණිවිඩය එක් කිරීමෙන් අමතර වියදමක් නෑ

colombotoday

බැඳුම්කර නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවට මාරු කෙරේ

colombotoday