Colombo Today Local News

වැසි සහ සුළං තත්ත්වයේ වැඩි වීමක්

දිවයිනේ පවතින වැසි සහ සුළං තත්ත්වයේ වර්ධනයක් හෙට (06)දින සිට බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මුලතිව් සහ මන්නාරම දිස්ත්‍රික්ක වල ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100 ඉක්ම වූ තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

එමෙන්ම දිවයින හරහා පැයට කිලෝ මීටර් 50 ත් 60 ත් අතර තද සුළං ඇති විය හැකි බව සඳහන් වේ.

පවතින අයහපත් කාළගුණ තත්ත්වය හේතුවෙන් කඳුකර ප්‍රදේශවල නායයෑම් ඇති වීම, පහත් බිම් ජලයෙන් යටවීම සහ මාර්ග අසල ඇති විශාල ගස් ගැලවී යා හැකි බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකළ යුතු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ත්‍රිකුණාමලේ ගැඹුරු මුහුදේ දී නාවික හමුදාව නෞකා දෙකක් ගිල්වා දමයි.

colombotoday

මීගමුව අධිකරණය පිටුපස කාන්තා මළ සිරුරක්

Admin

නාගදීප දූපතේ දකුණු වෙරළ සීමාවට රෝහල් අපද්‍රව්‍ය තොගයක් ගොඩගසයි

colombotoday

ඒකාධිකාරී මාෆියාව හේතුවෙන් ඩිජිටල් ගුණාත්මක බවින් අන්තිම තැන ලංකාවට

colombotoday

ජනාධිපති කාර්ය මණ්ඩලයට තවත් පිරිසක් බඳවා ගනී

Admin

අම්පිටියේ හිමි බලන්න ජනපති මංගලාරාමයට යයි

colombotoday