Colombo Today Local News

බොරැල්ල කනත්තෙන් ගොඩ එන මළ මිනී

පසුගිය දිනක බොරැල්ල ප්‍රදේශයේ නිවසක් අසලට පොරකමින් සිටි සුනඛ කැලක් එළවීමට අදාල නිවැසියා පැමිණි විට දුටුවේ ජුගුබ්සාසහගත සිදුවීමකි.

එනම් ඒ සුනඛ කැල පොරකමින් සිටියේ මිනිස් අතකටය. කෙසේවුවද ඒ මිනිස් අත වළ දැමීමට කටයුතු කෙරිණ. තවත් දිනකද දුටුවේද එවන් සමාන සිදුවීමක්. එනම් මියගිය බිළිදෙකුගේ හිසක් රැගෙන පැමිණි සුනඛයෙකි.

දිනෙන් දින මේ ආකාරයෙන් මිනිස් මළ සිරුරුවල කොටස් අයාලයේ යන සුනඛයන් විසින් රැගෙන ඒම නිසා බොරැල්ලේ දේවී බාලිකා විද්‍යාලය අසල නිවැසියන් පත්ව ඇත්තේ ඉමහත් දුෂ්කරතාවන්ටය. ඒ පිළිබද එම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ ඔවුන් උපන්දා සිට ම මෙම ස්ථානයේ ජිවත් වුවද මෙවැනි සිදුවීම් දකින්නට ලැඛෙන්නේ දැනට වසර 5 ක 6 ක පමණ සිට බවයි.

මෙම ප්‍රදේශයට මෙවැනි මෘත දේහ කොටස් සුනඛයන් රැගෙන එන්නේ කෙසේද ? ඊට හේතුවී ඇත්තේ කුමක්ද යන්න සොයා බැලීමට බොරැල්ල කනත්ත වෙත පියනැගුවේ රහසිගතවය. එලෙස දින කිහිපයක් රැකවල්ලා සිටි අපට හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙටයැයි කියන වැකිය පසක් වුයේ සති දෙක තුනක් යෑමෙන් අනතුරුවය.

දිනක් අතිශය නවීන පන්නයේ සුපිරි මෝටර් රියක් පැමිණියේ හීයක වේගයෙනි. ක්ණයකින් බොරැල්ල කනත්ත අසල තිරිංග වැදිණි. එම මෝටර් රියෙන් පැමිණි පුද්ගලයා රිය තුලින් එළියට ගනු ලබන්නේ මලු රැසකි. අනතුරුව වටපිට බලමින් එකී මලුවල ඇති දෑ ලහි ලහියේ කනත්තේ ඇති වලකට දමා ගිනි තැබීය. පසුව අත්පිසදමාගෙන නැවත මෝටර් රියට නැග ඉගිලුනේ කිසිදු දෙයක් නොකළ ආකාරයටය.

පසුව අප සිදුවු දේ පිළිබද පරීක්ෂා කිරිමට බොරැල්ල කනත්ත අසලට ගියෙමු. එවිට දුටුවේ බාගෙට පස් දමා වසා ඇති මෘත දේහ කොටස්ය. වැඩිදුර සොයා බැලීමේදී හෙළිවුයේ ඒ මෘත දේහය කොටස් මල් ශාලාවල මිනී එම්බාම් කිරිමෙන් පසු ශරිරයෙන් ඉවත් කරනා කොටස් බවය. එලෙස රැගෙන එන මෘත ශරිර කොටස් ක්‍රමවත්ව වැළලීමක් සිදු නොකරන හෙයින් ඒවාට හිමිකම් කියන කබරයින් කිහිප දෙනෙක්ද ඒ අසල ගැවසෙනු දුටුවෙමු.

බොරැල්ල කනත්ත අසල එලෙස රැක සිටි තවත් දිනක වෑන් රථයක් පැමිණ බොරැල්ල කනත්ත අසල නැවැත්විය. ඉන් කිහිප දෙනෙකු බැස ගත්තේ කඩිමුඩියෙනි. එසේ පැමිණි පිරිස උදැල්ලක් ගෙන වලක් හාරන්නට පටන් ගත්තේ ඉතා කලබලයෙනි. විනාඩි 15 ක් වැනි කාලයක් තුල කැණිම් සිදුකර අවසන් විය පසුව වෑන් රථයේ පිටුපස දොර විවර විය. ඉන් එළියට ගනු ලැබුයේ සිහින් ලෑලිවලින් තැනු පෙට්ටි 10 කි. එම පෙට්ටි විවර කර එළියට ගත්තේ මලසිරුරුය. එම මෘත දේහ පෙර හෑරු වලට එකින් එක අතහරියි. මෙම මෘත දේහ කොළඹ අවට රෝහල්වල මෝචරියේ තියෙන භාර ගැනිමට කිසිවකුත් නොමැති මෘත ශරීර බවයි පසුව අනාවරණ වුයේ.

මෙහි අවාසනාවන්ත තත්වය නම් මෙම මෘති දේහවල නොපිලිස්සුන ශරිර කොටස් සහ මස් වැදිලි කපුටන් විසින් අසල්වැසි නිවෙස් වෙත රැගෙන ගොස් දැමීමයි. ඒවා කුණු වී අවට දුර්ගන්දයට ලක්ව පැතිරෙන්නේ ජනතාවගේ සෞඛ්‍යට තර්ජනයක් එල්ල කරමිනි. මේ පිළිබද 119 හදිසි පොලිස් අමතුම් ඒකකයට දැනුම් දුන්නද එළක් නොවු බව ජනතාව පවසති. කෙසේ වුවද මේ පිළිබද බොරැල්ල පොලිසියට පැමිණිලි කළ ද අදාල විත්තිකාර පාර්ශව පොලිසියට නොපැමිණිම නිසා එලෙස පොලිසි ගානේ කාලය ගත කිරිමට තමන්ට හැකියාවක් නොමැති බවත් එය තමන්ගේ එදාවේල සරිකර ගැනිමේ මං අහුරා දැමීමක් බවත් ප්‍රදේශයේ ජනතාව පවසති.

බොරැල්ල කනත්තේ සිදුවන මෙම සිදුවීම් නිසා මෙරට කීර්තිමත් බාලිකා විදුහලක් වන දේවි බාලිකා විදුහලට එහි බලපෑම් කර ඇත. ආදාහනාගාරය මේ පාසලට මීටර් 50 ක දුරින් පිහිටා තියෙන්නෙ. එහි මෘත ශරිර දහනය කරන දිනවල පසු දින උදාසන පාසලේ අයිනට වන්නට තිඛෙන පන්ති කාමර තුල ඩෙස් බංකු මත අලු පතිතවෙලා තියෙනවා. මේ පිළිබද බලධාරීන් දැනුවත් කළත් එයට විසදුමක් මේ වන තෙක් ලැබුණෙ නැහැ. අපේ දරුවන්ට අධ්‍යාපනය කරන්න වෙලා තියෙන්නේ මීනි අලුත් එක්ක. මේ නිසා අපේ දරුවන්ගේ සෞඛ්‍යට පවා තර්ජනයක් එල්ල වෙලා යැයි පැවසුවේ නම් හෙලි කිරිමට අකමැති මවකි.

මේ පිළිබද විමසීමට එම පාසලේම විදුහල්පිතිනිය සම්බන්ධ කර ගැනිමට අවස්ථා කිහිපයදී අප උත්සාහා දැරුවද එය සාර්ථක වුයේ නැත.

මෙම අක්‍රමවත් මෘත දේහ ආදාහනය පිටුපස සිටිනුයේ කවුරුන්දැයි සොයා බැලීමේදී අනාවරණය වුයේ බොරැල්ල කනත්ත භාර එක් ප්‍රධානියෙක් සහ මල් ශාලා හිමිකරුවෙක බවයි. ඔහුගේ අනුහසින් මෙය මේ වන විට ජාවාරමක් බවට පත්ව ඇත. ඔහුට බස්නාහිර පළාත තුල කෝටි ගාණක වත්කම් පවතින බවද පැවසේ.

එසේම මෙහි තවත් ජාවාරම් රාශියක් පසුගිය කාලයේ හෙළිව තිබුණා. ඒවා ද කෝටි ගණනින් වු ජාවාරම්ය. එනම් හොර ඔප්පු සාදා වළවල්වල හිමිකාරිත්වය පවරා දීමයි. මළමිනියෙන් ද ගසාකෑමට බලා සිටිනා මෙවැනි මිනී කාක්කන් නිසා අගතියට පත්වන්නේ සමාජයයි.

ගවේෂණය සහ වාර්තාකරණය හේමන්ත ලියනපතිරණ. Aruna

Related posts

පොලිස්පතිගෙන් පොලිස් ප්‍රධානීන්ට නිවේදනයක්

colombotoday

BBC සංදේශයට එරෙහිව දිලිත් ජයවීර ගොනු කළ අපහාස වන්දි නඩුව නිෂ්ප්‍රභයි.

colombotoday

“මෙහෙම ඇමතිකම් කරල වැඩක් නෑ“.. එජාප ඇමතිවරයෙකුත් තීරණයක් ගන්න යයි !

colombotoday

යාපනයේ 17 හැවිරිදි දැරියක් සමූහ දූෂණයට ලක්වෙයි

colombotoday

ඊයේ කලබල කල සියල්ලෝම අත්අඩංගුවට ගනු – හෝමාගම අධිකරණයෙන් පොලිසියට නියෝග

colombotoday

පොලීසියට අලුත් මැෂිමක්. අසභ්‍ය දර්ශන Upload කල සැනින් ඇලට් එකක් යයි. පුද්ගලයින් 17629ක් සොයා විමර්ශන

colombotoday