Colombo Today Local NewsHot News

“කොටින් වෙනුවෙන් පෙනී සිටිමින් රට බෙදන්න කතා කරන බෙදුම්වාදීන්ට නීතිය ක්‍රියාත්මක කරන්න” – බොදු බලෙන් පොලිස්පතිට පැමිණිල්ලක්

විපක්ෂ නායක ආර්.සම්බන්ධන් හා උතුරු මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් උතුරු නැගෙනහිර ඒකාබද්ධ කර වෙනම දෙමළ රාජ්‍යයක් නිර්මාණය කළ යුතු බවට කළ ප්‍රකාශ සම්බන්ධයෙන් බොදුබල සේනා සංවිධානය විසින් ඊයේ පොලිස්පතිවරයා පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවා.

රටට එරෙහිව මේ මොහොතේ ක්‍රියාත්මක වෙමින් පවතින බලවේග හතරක් පිළිබදව අවධාරණය කරමින් පොලිස්පතිවරයාට ලිපියක් ඉදිරිපත් කර ඇති අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රට බෙදීමට කටයුතු කරන හා තහනම් කර ඇති LTTE සංවිධානය වෙනුවෙන් පෙනී සිටින බෙදුම්වාදී දේශපාලකයින්ට එරෙහිව වහාම නීතිය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා තිබේ.

22/04/2016

පුජිත ජයසුන්දර මහතා
පොලිස්පති
පොලිස්පති කාර්යාලය
කොළඹ

පොලිස්පතිතුමනි,

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරමින් රට බෙදීමට කටයුතු කරන හා තහනම් කර ඇති LTTE සංවිධානය වෙනුවෙන් පෙනී සිටින බෙදුම්වාදී දේශපාලකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම

නව පොලිස්පතිවරයා ලෙස පත්වීම පිලිබඳ බොදු බල සේනා සංවිධානයේ සුභපැතුම් ඉදිරිපත් කර සිටිමු. රට දැය සමයේ උන්නතිය උදෙසා යහපත් පොලිස් සේවයක් ස්ථාපිත කිරීමට ඔබට ශක්තිය ලැබේවා !

සිංහලේ ලෙස හඳුන්වන ලද අප රට මුලිකව සිංහල බෞද්ධයින්ගේ නිජභූමිය වූ අතර සිංහල බෞද්ධ සංස්කෘතිය පදනම් කරගන අනෙකුත් ආගමික හා ජනවර්ග සදහා අපේ රට තුල සහජීවනයෙන් ජීවත් වීමට අවශය පරිසරය හැම විටම නිර්මාණය කරනු ලැබිණ.ඉතා සුළු අවස්ථා කිහිපයකදී පමණක් දේශපාලකයින් හා කුමන්ත්‍රණකරුවන් විසින් රට තුල ජාතිවාදී ගැටළු ඇති කර, සිංහල බෞද්ධයින් ජාතිවාදීන් ලෙස හංවඩු ගැසීමට උත්සහා කලද යථාර්ථය එය නොවේ. සිංහල බෞද්ධයින් බහුල ප්‍රදේශවල දෙමළ භාෂාව කතා කරන ජනකොටස් මෙන්ම කතෝලික, හින්දු, මුස්ලිම් සියල්ලෝම ජීවත්වීමත් මෙයට හොඳ උදාහරණයකි.

මිලියන 7000 ක් වූ ලෝක ජනගහනයක් තුල මිලියන 14 ක් වන , එමෙන්ම ගෝලීය බලවේග හමුවේ ගෝලීය සුළුතරයක් වන සිංහල බෞද්ධයින් වෙනුවෙන් පෙනී සිටින්නට වෙනත් රටක්, නායකයෙක් හෝ ප්‍රජාවක් නොමැති විටක, විශේෂයෙන් සිංහල බෞද්ධ ජන්දයෙන් පත් වූ පාලකයින් , මන්ත්‍රීවරුන් පවා සිංහල බෞද්ධයින් වෙනුවෙන් පෙනී නොසිටින විටක ඔවුන්ගේ ආරක්ෂාව ආ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටීමට අපට සිදු වී ඇති බව පැහැදිලි කල යුතුය. අප රටේ ජීවත්වන මිලියන 4ක් වූ දෙමළ ජනතාව වෙනුවෙන් පෙනී සිටීමට මිලියන 80 කට අධික දෙමල ප්‍රජාවක්, විදේශ රටවල් හා බලවේග ඇත. අප රටේ ජීවත්වන මිලියන් 2 ක් පමණ වූ ඉස්ලාමික ආගමික ප්‍රජාව වෙනුවෙ එලෙසම් මිලියන් 1500 ක ඉස්ලාමික ප්‍රජාවක් හා බලවේග පෙනී සිටින බව පැහැදිලිය. මිලියනකට වඩා අඩු කතෝලික ආගමික ප්‍රජාව වෙනුවෙන්ද වතිකානුව ඇතුළු මිලියන 2000 කට අධික ප්‍රජාවගේ බලවේග පෙනී සිටිනු ඇත. සිංහලයින් වෙනුවෙන් අප හැර කිසිවකුත් නැත. ජාත්‍යන්තර බෞද්ධයින් එලෙස සංවිධානාත්මක ප්‍රජාවක්ද නොවේ.

ගෝලීය සුළුතරයක් වන සිංහල බෞද්ධයා පසුගිය වසර 500 තුල පහත දැක්වෙන ජාත්‍යන්තර බලවේග වල ජාත්‍යන්තර අවශයතාවයන් නිසා අවාසනාවන්ත ගොදුරක් බවට පත් වීම පිලිබඳ අප අවධානය යොමු කල යුතය. මේ නිසා ලක්ෂ ගණනින් සිංහල බෞද්ධයින් අහිමි වීම හා සිංහල බෞද්ධ ජනගහන ප්‍රතිශතය අඩු වීම ඉතාම පැහැදිලිව දැකිය හැක. වඩාත්ම කණගාටුව වනුයේ මෙම බලවේග වල උපක්‍රමික බව හා ශක්තිය නිසා බහුතර සිංහල බෞද්ධයින් මේ බව තේරුම් නොගැනීමය.

1) ලෝක කතෝලික/ක්‍රිස්තියානි රාජ්‍යයක් බිහිකිරීමේ පැරණි හා නව යටත් විජිත බලවේග වල ගොදුරක් වීම හා වෙමින් පැවතීම
2) ලෝක කොමියුනිස්ට් රාජ්‍යයක් බිහිකිරීමේ ජාත්‍යන්තර බලවේග වල ගොදුරක් වීම හා වෙමින් පැවතීම
3) ලෝක දෙමල රාජ්‍යයක් බිහිකිරීමේ ජාත්‍යන්තර බලවේග වල ගොදුරක් වීම හා වෙමින් පැවතීම
4) ලෝක ඉස්ලාමික රාජ්‍යයක් බිහිකිරීමේ ජාත්‍යන්තර බලවේග වල ගොදුරක් වීම හා වෙමින් පැවතීම

මෙම සියලු කටයුතු ජාත්‍යන්තර මුල්‍ය, දේශපාලනික, මාධ්‍ය සහය ඇතුව බොහෝ විට ත්‍රස්තවාදී ස්වරුපයෙන් ක්‍රියාත්මක් වූ, වෙමින් පවතින හා විය හැකි බලවේග වන අතර කණගාටුව වනුයේ මෙම බලවේග වලින් ආරක්ෂා වීමට සිංහල බෞද්ධයින් කතා කිරීම පවා ජාතිවාදයක් ලෙස සමාජ ගත කිරීමට මෙම බලවේග සමත්වීම හා සුළුතරයක් වන අප එයට මුහුණ දීමට අපොහොසත් වීමය.

පසුගිය සති කිහිපය තුල දෙමල දේශපාලකයින් විසින් බෙදුම්වාදී, ජාතිවාදය ප්‍රවර්ධනය වන එමෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය වන ප්‍රකාශ කර ඇති අතර එහිදී විශේෂයෙන් විපක්ෂ නායක ආර්. සම්බන්දන් මහතා හා උතුරු පළාත් සහා මහ ඇමති සී. වී. විගේශ්වරන් විසින් කරන ලද ප්‍රකාශ පිලිබඳ සොයා බලා නීතිමය පියවර ගන්නා ලෙසත්, ඔවුන් එසේ කටයුතු කිරීම වැලක්වීමට අවශ්‍ය පියවර ගන්න ලෙසත් ඉල්ලා සිටිමු.

තිස් අවුරුදු කුරිරු යුද්ධයකට මුල පිරු වසර 50 කට පෙර ජාතිවාදී ප්‍රකාශ කල දෙමල නායකයින් විසින් කල ප්‍රකාශ නැවත ඉදිරිපත් කිරීමක් ලෙස මෙම ප්‍රකාශ හැඳින්විය හැක.

සිංහල බෞද්ධයින් ප්‍රමුඛ සියලු ජනකොටස් නියෝජනය කරන විපක්ෂ නායක වරයා මෙලෙස කටයුතු කිරීමෙන් ජාතිවාදය ප්‍රවර්ධනය වී පමණක් නොව අනෙකුත් ජන කොටස් වල අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් කරන බවද අප පැහැදිලිව ප්‍රකාශ කරමු.

සිංහල බෞද්ධයින් සමග ජීවත් වී, ඉගෙන ගෙන , ඉහලම රැකියාවක් ලබා ගෙන, සිය දරුවා පවා සිංහලයින් සමග විවාහ වීමට ඉඩ සලස්වා පැහැදිලිව “සංහිදියාවේ සංකේතයක්” විය යුතුව තිබු විග්නේශ්වරන් විසින් මෙලෙස දෙමළ ජනතාව නොමග යවමින්, ඔවුන් ජාතිවාදයට යොමු කරවමින්, සිංහලයින් පවා කුපිත කරවමින් මෙලෙස කටයුතු කිරීම පැහැදිලිව ජාත්‍යන්තර අවශ්‍යතාවයකි.

සිංහල බෞද්ධයින් හැම විටම යුද්ධයට, අන්තවාදයට, ත්‍රස්තවාදයට එරෙහි අතර සිය ජනවර්ගය ප්‍රවර්ධනය, ආගම පැතිරවීම වෙනුවෙන් ප්‍රචණ්ඩත්වය යොදා නොගත් බව ඉතිහාසය සාක්ෂි දරනු ලබන අතර අපේ හාමුදුරුවරු පවා යුද්ධයේදී පිරිත් කියනු ලැබුවේ යුද්ධයට ආශීර්වාද කිරීමට නොව සොල්දාදුවන්ගේ හා රටේ ආරක්ෂාව වෙනුවන් පමණක් බව පැහැදිලි කල යුතුව ඇත.

මෙම මුලික කරුණු වලට අමතරව රට තුල සිදුවන බෙදුම්වාදී, ජාතිවාදී බලවේග පිලිබඳ ඔබ සමග සාකච්චා කිරීම පිණිස අපට අවස්ථාවක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමු.

ස්තුතියි

තෙරුවන් සරණයි
කථිකාචාර්ය දිලන්ත විතානගේ
ප්‍රධාන විධායක නිලධාරී – බොදු බල සේනා

41, හයිලෙවල්, පර, කිරුලපන

Related posts

(Video) “අපට වැරදුනා.. මේක අශූචි ගොඩක්” – යහපාලනය ගැන සන්නස්ගලගේ අලුත්ම විග්‍රහය

colombotoday

කාබනික පොහොර උපදේශකයෝ ටික ගොවි බිමක්වත් දැකලා නැති පිරිසක් | සිංහල රාවය

colombotoday

තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 2ක් හෙට දිවයිනට

colombotoday

රනිල්, මලික්, කබීර් බේරා සියළු කුණු රවීට පටවයි.. බැදුම්කර මගඩිය යට ගහන්න හදන හැටි මෙන්න

colombotoday

තලෙයිමන්නාරම තොට හා කොළඹ කොටුව අතර නව දුම්රියක්

Admin

අද සිට ගෘහස්ථ ගෑස් සිලින්ඩර ලක්ෂයක් වෙළදපොළට

Admin