Colombo Today Local News

සංහිඳියාවට බාධා කළොත් අත්අඩංගුවට.. විශේෂ පොලිස් ඒකකය දැන් ක්‍රියාත්මකයි !

poloi332ආගමික සහ ජාතික සංහිඳියාවට බාධා වන අන්දමේ වෛරී ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් වහාම අත්අඩංගුවට ගෙන ඔවුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා පොලිස්‌ මූලස්‌ථානයේ විශේෂ පොලිස්‌ ඒකකයක්‌ ඊයේ (21 වැනිදා) සිට ස්‌ථාපිත කර ඇත.

මෙවැනි ප්‍රකාශ නිකුත් කරමින් මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීම සඳහා නියෝජ්‍ය පොලිස්‌පතිවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂ පොලිස්‌ ඒකකය ඊයේ සිට සිය විමර්ශන කටයුතු ආරම්භ කරන ලදී.

ආගම්වලට ජාතීන්වලට අගෞරව කරන පරිභව කරන ආගම් මුල් කරගෙන මහජන කැළඹීම් ඇති කරන පුද්ගලයන් පිළිබඳව විමර්ශන පැවැත්වීම මේ වනවිට ආරම්භ කර ඇති බව ද එවැනි ප්‍රකාශ නිකුත් කරන පුද්ගලයන් තරාතිරම නොබලා අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවද පොලිස්‌ මූලස්‌ථානය පවසයි.

ආගම් සහ ජාතීන් අතර ගැටුම් ඇති කර ජාතිවාදී කලබල ඇති කිරීම සඳහා සංවිධානාත්මක කණ්‌ඩායම් උත්සාහ කරමින් සිටින බවට ලැබී ඇති තොරතුරු මත මෙම විශේෂ පොලිස්‌ ඒකකය පිහිටුවන බව පොලිස්‌ මූලස්‌ථාන ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටියේය.

දිවයින

Related posts

මහින්දට එරෙහි විශ්වාසභංගය හැන්සාඩ් එකේ නැහැ…

colombotoday

ලංකාව චීනයට ණය වූ තරම හෙළිවෙයි.. පසුගිය වසර 12 රු. කෝටි ලක්ෂයක් චීණෙන් ණය අරන්

colombotoday

තිත්ත වුණත් ඇත්ත දැනගන්න ඕන… පාස්කු ප්‍රහාරය ගැන සජිත්ගෙන් විශේෂ හෙළිදරව්වක්

Admin

ජලාශ සියල්ල පිරෙන තෙක් විදුලි කැපෙයි

colombotoday

මත් පැන් සාදය මරණින් අවසන් වෙයි

Admin

මාදිවෙල නිවාස වෙනුවට පන්නිපිටිය වියත්පුර ව්‍යාපෘතින් මන්ත්‍රීවරුන්ට නිවාස

colombotoday