Colombo Today Local News

මත් පැන් සාදය මරණින් අවසන් වෙයි

නොරොච්චෝලේ සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ දී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ.

මත්පැන් පානය කිරීමෙන් අනතුරුව දෙදෙනෙකු අතර පුද්ගලික ආරවුලක් හටගෙන ඇති අතර එය දුරදිග යාමෙන් පහරදීමක් සිදුව ඇති බව පොලිස් මුලස්ථානය සඳහන් කරයි.

යකඩ මුගුරකින් අදාළ පහරදීම සිදුකළ සැකකරු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

54 හැවිරිදි සෙබස්තියන් මුනි මාවත ප්‍රදේශයේ පදිංචි ඔහු අද (26)දින පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මියගිය පුද්ගලයා 35 හැවිරිදි මාම්පුරිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු බවද පොලිස් මුලස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

පුරාවිද්‍යා භූමියක් වනසා අන්තවාදී අරාබි පාසලක් හදලා… පාසල් බිමෙන් චෛත්‍යක කොටස් හමුවෙයි…

colombotoday

සියලුම දුරකථන ග්‍රාහකයින්ට තම අංකය සමගම ජාලය වෙනස් කිරීමට අවසර

colombotoday

එජාප – ශ්‍රීලනිප හවුල ප්‍රජාතන්ත්‍රවාදයට අහිතකරයි – එස්.බී

colombotoday

15 හැවිරිදි දැරිය ගේ දැන්වීම් පලකල තවත් වෙබ් අඩවියක දෙකක් කොටු. – තවත් වෙබ් අඩවි 3 ක් සොයා විමර්ශන

colombotoday

ලාදුරු රෝගීන්ගේ වැඩිවීමක්

colombotoday

කිඹුලා ඇළේ ගුණාගේ සහෝදරයත් අත්අඩංගුවට

colombotoday