Colombo Today Local News

අයහපත් කාලගුණයෙන් 1,500කට අධික පිරිසක් පීඩාවට

පවතින අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක 3ක පුද්ගලයින් 1,500කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.

මාතලේ, මහනුවර සහ අම්පාර යන දිස්ත්‍රික්කවල පවුල් 346කට අයත් පුද්ගලයින් 1,511 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඊයේ (25) දිනය තුළ ඇතිවු අධික වර්ෂාවත් සමග පුද්ගලයින් දෙදෙනෙකු ජිවිතක්ෂයට පත්ව ඇති අතර තවත් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 66කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර පීඩන අවපාතය අඩු පීඩන කලාපයක් දක්වා දුර්වල වී ශ්‍රි ලංකාවේ බටහිර වෙරළ දෙසට ගමන් කරමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම පද්ධතිය දිවයිනෙන් ඉවතට ගමන් කිරීමත් සමග අද සවස් කාලයේ සිට දිවයිනේ කාලගුණයට එමඟින් සිදුවු බලපෑම අඩුවනු ඇති බව එම දෙපාර්තමේන්තුව පෙන්වාදෙයි.

Related posts

ශ්‍රී ලංකාවේ කොවිඩ් 19 රෝගීන් ගණන 97 දක්වා ඉහලට

colombotoday

පැය 24ට ගුවන් මගීන් 2068ක් දිවයිනට

colombotoday

“ලී බඩු හැදුවේ මගේ අන්තඃපුරේට නෙවෙයි.. මගේ චරිතය ඝාතනය කරා, නඩු දානවා” වරාය ඇමති

colombotoday

මල්වානෙ බැසිල් ගෙදර නඩුවට පෙනී ඉන්නවා. – Colombo Telegraph උවිඳුගෙන් නීතිඥ සංගමයේ සභාපතිට ප්‍රහාරයක්

colombotoday

මම ඇමති කාලේ අසෝක කාර්මික නිලධාරීයෙක්

Admin

“හමුදාපතිට නඩු දාන බවක් මා දන්නේවත් නෑ” – ආරක්ෂක ලේකම්

colombotoday