Colombo Today Local News

සෙලින්කෝ සමාගමට එරෙහි රැල්ලක් රටපුරා – සෙලින්කෝ සමාගමේ භාණ්ඩ හා සේවාවර්ජනය කිරීමට සැරසේ – සිවිල් සංවිධාන එකතුවේ.

මෙරට සිවිල් සංවිධාන මර්ධනය කිරීමට සෙලින්කෝ සමාගමට අනුබද්ධ සමාගම් කටයුතු කිරීම නිසා රට පුරා සෙලින්කෝ සමාගට විරුද්ධ රැල්ලක් ආරම්භකරන බව සිවිල් සංවිධාන නායකයින් කිහිපදෙනෙකු අප සමග පැවසීය. මීට හේතුව වී ඇත්තේ පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිත් විතානගේ මහතාට එරෙහිව කොළඔ දිසා අධිකරණයේ නඩු දෙකක් පසුගිය දිනක පවරා ඇති නිසා වන අතර එම නඩු පැවරීම සදහා වන නඩු නිමිත්ත පිළිබදව සිවිල් සංවිධාන සිය කණස්සල්ල පළකරයි. ඕනෑම සංවිධානයකට හෝ පුද්ගලයෙකුට නඩු පැවැරිමට අයිතියක් ඇති නමුත් කිසියම් සංවිධානයක් සමාගමක අඩුපාඩු හා දූෂණ පිළිබදව හෙළිකරන විට එම සංවිධානයේ කටයුතු මැඩපැවැත්වීම සදහා කටයුතු කිරීම පිළිගත නොහැකි බව ඔවුන් පවසයි. ද ෆිනෑන්ස් සමාගම බිද වැටී තැන්පත්කරුවන් අසරණ වී ඇති අවස්ථාවේ පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් අගමැතිවරයාට ලිපියක් ලියා ඇත්තේ ද ෆිනෑන්ස්  ආයතනයේ තැන්පත්කරුවනට මුදල් ගෙවන ක්‍රමවේදය පිළිබද සදහන් කරමින්ය. තම සමාගමට එරෙහිව අදාල ලිපිය යොමු කිරීම පිළිබදව සෙලින්කෝ සමාගමට අනුබද්ධ සමාගමක් හා ඊට අනුබද්ධ සමාගමක සභාපතිවරයෙක් විසින් මෙසේ නඩුපවරා ඇත.

අදාල එක් නඩුවක් පවරා ඇති ජගත් අල්විස් නැමැති අය සෙලින්කෝ ඉන්ෂුරන්ස් සමාගමේ අධ්‍යක්ෂක ධුරයක්ද හොබවන අතර ඔහු සෙලින්කෝ සමාගමට අනුබද්ධ ICBT ආයතනයේ සභාපතිවරයාද වේ.  ICBT ආයතනය විසින් නීතිවිරෝධී ආකාරයට HND පාඨමාලා පැවැත්වීම සම්බන්ධයෙන් තෘයිතික හා වෘත්තීය අධ්‍යාපන කොමිසම වෙත හා අමාත්‍යවරයා වෙත පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් පැමිණිලි කල පසු එසේ පාඨමාලා පැවැත්වීම අත්හිටවන ලෙස ICBT ආයතනයට තෘයිතික අධ්‍යාපන කොමිසම අවවාද කොට ලිපි නිකුත් කරන ලදී. තවද ICBT ආයතනය ඉදිරිපිට ඇති   විදුලි දැන්වීම් පුවරුව නිසා රියදුරන්ට ඇති වන අපහසුතාවය පිළිබදව පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් පොලිස්පතිවරයාට කරන ලද පැමිණිල්ලක් විභාග කිරීමේදී හෙළි වී ඇත්තේ අදාල දැන්වීම් පුවරුව සදහා කිසිදු අවසරයක් ලබා නොගෙන ඇති බවයි. ඒ අනුව පොලීසිය විසින් එම දැන්වීම් පුවරුව ක්‍රියාවිරහිත කිරීමට උපදෙස් ලබා දී ඇත. ඊට අමතරව ICBT ආයතනයේ අලෙවි විධායක විසින් එම ආයතනයේ ලේකම්වරියට කරන ලද ලිංගික අඩන්තේට්ටම් පිළිබදව අධිකරණයේ විභාගවන නඩුවක් පිළිබදවද පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය හෙළිකරමින් කියාසිට ඇත්තේ එය අධ්‍යාපන ආයතනයක සිදුවීම බරපතල තත්වයක් බවයි.

Golden key සමාගමේ සියලුම වත්කම් විකුණා තැන්පත්කරුවනට මුදල් ගෙවීමට අධිකරණය නියෝග කොට තිබියදී Golden key සමාගමේ  කොටස් ICBT ආයතනයේ සගවා ඇති බවට හෙළිදරව් කරන ලද්දේද පාරිභෝගික අයිතීන් සුරකීමේ ජාතික ව්‍යාපාරය විසින් වන අතර ඒ පිළිබදව මීට වසරකට පෙර  ශ්‍රී ලංකා මහ බැංකුවටද මීට මාස කිහිපයකට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ද ඔවුන් පැමිණිලි කර ඇත.
මෙරට මහාපරිමාණ සමාගම් විසින් හා කූට ව්‍යාපාරිකයින් විසින් පාරිභෝගිකයින් සූරා කෑමට එරෙහිව විශාල හඩක් නගන පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය වැනි සිවිල් සංවිධානවල ක්‍රියාකාරීත්වය නැවැත්වීම සදහා කටයුතු කිරීම මගින් සෙලින්කෝ සමාගම කරනු ලබන්නේ මෙරට පාරිභෝගිකයින්ට අගතියක් බව බොහෝ පාර්ශවවල මතය වී තිබේ. කෙසේ වෙතත් ඊට විරෝධය පළ කිරීම සදහා රට පුරා සෙළින්කෝ සමාගට එරෙහිව විරෝධතා ව්‍යපාරයක් ආරම්භ කිරීමට ඉතා ඉක්මනින් කටයුතු කරන බවත් සෙලින්කෝ සමාගමේ භාණ්ඩ හා සේවා වර්ජනය කිරීමේ රැල්ලක් ද ආරම්භ කරන බව සිවිල් සංවිධාන කිහිපයක් අප සමග පැවැසීය.

Related posts

ගෝඨාට එරෙහිව ඇමරිකාවේදී පැවරූ නඩුව විභාග කිරීම අවලංගු කරයි

colombotoday

ජාතිය වසන් කෙරෙන පරිදි නම් වෙනස් කිරීම් තහනම්…

colombotoday

හදිසි තත්ත්වයක්.. ඇමති රාජිතගෙන් සියළුම ඇමතිවරුන්ට ලිපි !

colombotoday

දුම්මලසුරිය සාම්ප්‍රධායික මුස්ලිම්වරුන්ගේ නිදහස් දින සැමරුමට වහබ් අන්තවාදී ප්‍රහාරයක්

colombotoday

මිනුවන්ගොඩදී පුද්ගල ඝාතනයක්

Admin

තිස්ස ඩයස් අභාවප්‍රාප්ත වෙයි

Admin