Colombo Today Local News

ලංකාව චීනයට ණය වූ තරම හෙළිවෙයි.. පසුගිය වසර 12 රු. කෝටි ලක්ෂයක් චීණෙන් ණය අරන්

ශ්‍රී ලංකාව චීන රජයෙන් රුපියල් බිලියන 1029ක ණය මුදලක් ලබාගෙන ඇති බව හෙළි වී තිබේ. 2005 සිට 2017 අතර වසර 12කදී මෙම ණය මුදල ලබාගෙන ඇති බව හෙළි වී ඇත්තේ තොරතුරු දැන ගැනීමේ පනත යටතේ Sunday Times මාධ්‍යවේදියකු මුදල් අමාත්‍යංශයට ඉදිරිපත් කළ අයැදුම්පතක් නිසාය.

ඒ අනුව චීනයේ සී.ඩී.බි.සී. ආයතනයෙන් හා ඊ.අයි.බි.සී. යන (China Development Bank Corparation And Export Import Bank of China) ආයතන දෙක හරහා මෙම මුදල් ලබාගෙන ඇත.

ණය මුදලෙන් රුපියල් බිලියන 188කට අධික මුදලක් හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය වෙනුවෙන්ද පුත්තලම ගල් අඟුරු බලාගාර ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 72ක්ද ලබාගෙන ඇත.

මොරගහකන්ද ව්‍යාපෘතිය සඳහා රුපියල් බිලියන 28.69ක්ද දුම්රිය පෙට්ටි මිලදී ගැනීමට රුපියල් බිලියන 3ක්ද බහුකාර්ය ඩීසල් පද්ධති 15ක් මිලදී ගැනීමට රුපියල් බිලයන 4.9ක්ද, හම්බන්තොට තෙල් ටැංකි ව්‍යාපෘතියට රුපියල් බිලියන 7.4ක්ද, මත්තල ගුවන් තොටු‍පොළ සඳහා රුපියල් බිලියන 21.7ක්ද, එම්.ඒ. 60 ගුවන් යානා ව්‍යාපෘතියට රුපියල් බිලියන 4.63ක්ද ඌව පළාත් විදුලි සැපයුම් ව්‍යාපෘතියට රුපියල් බිලියන 3.8ක්ද යනාදි වශයෙන් මෙසේ ගත් ණය මුදල් යෙදවා ඇති බවද මුදල් අමාත්‍යංශය ලබාදී ඇති තොරතුරුවල සඳහන් වේ.

Lakbima

Related posts

ලංකාවේ ප්‍රදේශ 6ක ISIS ත්‍රස්තයෝ! බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

වහාම ක්‍රියාත්මක වන පරිදී තවත් රටවල් කිහිපයක සංචාරය කළ මගීන්ට ලංකාවට පැමිණීම තහනම් කරයි

colombotoday

පෙම දෙදරායෑමෙන් දිවි නසාගත් තරුණයාට කොවිඩ්

colombotoday

ලෝක බැංකුවෙන් ලංකාවට ඩොලර් මිලියන160ක්

colombotoday

ගංජ කිලෝ 370ක් සමග හිටපු මන්ත්‍රී කොටු වෙයි

colombotoday

පාවාදෙන්නන් අපට එපා ! රැස්වීමට ආ ශ්‍රීලනිප ඇමතිවරුන්ට හූ වරුසාවක්.. චන්ද්‍රිකා අපසු හැරී යයි

colombotoday