World

ඉන්දියාව ඇස්ට්‍රොසෙනෙකා අපනයනය අත්හිටුවයි

ඉන්දියාවේ නිෂ්පාදනය කරන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් ආසාදනය වළක්වන එන්නත, අපනයනය තාවකාලිකව නැවැත්වීමට ඉන්දියාව තීරණය කර ඇත.

ඉන්දියාව මෙසේ තීරණය කර ඇත්තේ එන්නත සම්බන්ධයෙන් පවතින ඉහළ ඉල්ලුමත්, එම ඉල්ලුමට සරිලන ආකාරයට එන්නත් නිෂ්පාදනය කිරීම කළ නොහැකි තත්ත්වයක් උදා වී ඇති බැවිනි.

මේ වනවිට ඉන්දියාවේ දෛනික ආසාදිතයන් ගණන ඉතා වේගයෙන් ඉහළ යමින් පවතින හෙයින්, අවුරුදු 45 ට වැඩි ඉන්දියානුවන් සැමට ද එන්නත් ලබා දීමට සෞඛ්‍ය අංශ නිර්දේශ මත රජය තීරණය කර තිබේ.

ඉන්දියානුවන්ට ද ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා අවශ්‍ය බැවින්, විදේශවලට එන්නත් විකිණීම තාවකාලිකව නවත්වන බව ඉන්දීය රජය පැහැදිලි කර තිබේ.

ඉන්දියාවමේ වන විට රටවල් 76 කට එන්නත් මාත්‍රා මිලියන 60 කට වඩා අපනයනය කර ඇති අතර ඉන් බහුතරය ඔක්ස්ෆර්ඩ්-ඇස්ට්‍රාසෙනෙකා එන්නත්ය.

ඉන්දීය රජය පවසා ඇත්තේ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා එන්නත, අප්‍රේල් අවසානය තෙක් අපනයනය නවතා දැමීමට තීරණය කරන බවය.

Related posts

මුස්ලිම් විරෝධී විරෝධතා යුරෝපය ගිනියම් කරයි – Photos

colombotoday

සුළි කුණාටුවකට හසුවී ඉන්දියාවේ විශාල පාරුවක් මුහුදේ ගිලෙයි – 90ක් අතුරුදන්

colombotoday

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

Admin

ඇමරිකානු මිසයිලවලට නැවැත්විය නොහැකි චීනාගේ සුපිරි අවිය – Video

colombotoday

ඇපල් ස්ටෝර් අලෙවිසැලක් පළමු වෘත්තිය සමිතිය පිහිටුවයි

colombotoday

වෛද්‍ය විද්‍යාලයක මිනිස් සිරුරු කොටස් ජාවාරමක්

Admin