Uncategorized

විෂ පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකරයි

පරිභෝජනයට නුසුදුසු ආනයනික පොල්තෙල් කන්ටේනර් ආනයන කළ සමාගම්වල ගුදම්වලට යොමුකළ බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්, විශ්‍රාමික මේජර් ජනරාල් ජී. වී. රවීප්‍රිය මහතා ඊයේ (24)දින පස්වරුවේ පැවසීය.

රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසුවේ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්ස් රසායනික ද්‍රව්‍ය ඇතුළත්ව තිබේද යන්න පරීක්‍ෂා කිරීමට දවස් කීපයක් ගතවන නිසා අදාල කන්ටේනර් ආනයනික සමාගම්වල ගුදම් වලට නිකුත් කළ බවයි.

එම සමාගම් දෙක ආනයන කළ පොල්තෙල්වල ඇෆ්ලටොක්සීන්ස් රසායනිකය අඩංගු යැයි මේ මස 4 වැනිදා රේගුව දැනුවත් වූ බවත් එම පොල්තෙල් තොගය වාහාම ප්‍රතිඅපනයන කරන ලෙස අදාල සමාගම් දෙකට දැනුම් දුන් බවත් රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා පැවසීය.

එම සමාගම් දෙකෙන් ආනයන කළ රසායන ද්‍රව්‍ය අඩංගු පොල්තෙල් පරිභෝජනය සඳහා නිදහස් වී නොමැති බව රේගු අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කීය.

Related posts

බදියුදීන්ගේ බිරිඳ ඇතුළු පිරිස අධිකරණයට රැගෙන යයි

colombotoday

සංජීවගේ ගෝලයින් යුක්තියේ මෙහෙයුමට හසුවේ.

Admin

IPL ගහන්න ආ නවසීලන්ත ක්‍රීඩකකුට කොරෝනා.

colombotoday

ඒකාබද්ධ විපක්ෂයේ රැලියට සන්ධාන මන්ත්‍රීවරු 32 ක්

colombotoday

ශ්‍රී ලංකාවේ ප්‍රචණ්ඩත්වය දැඩිව හෙළා දකිනවා – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය

colombotoday

උණ්ඩ 93ක් සමඟ මුදල් අමාත්‍යාංශයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ අලි හසන් අත්අඩංගුවට

colombotoday