Colombo Today Local News

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72කට ස්ථාන මාරුවීම්

මහෙස්ත්‍රාත්වරුන් සහ විනිසුරුවරුන් 72ක් සඳහා ස්ථාන මාරුවීම් ලබාදීමට අධිකරණ සේවා කොමිෂන් සභාව පියවරගෙන තිබේ.

වාර්ෂික ස්ථාන මාරුවීම් යටතේ අප්‍රේල් මස 05 වන දින සිට ක්‍රියාත්මකවන පරිදි මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇති බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

ඒ අනුව කොළඹ වැඩබලන ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාව සිටි ආර්.එම්.එස්.බී. චන්ද්‍රසිරි මහතා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා ලෙස පත්කර ඇති අතර කොළඹ වැඩබලන දිසා විනිසුරුවරයාව සිටි ඒ.ජී. අලුත්ගේ මහතා කොළඹ දිසාවිනිසුරුවරයා ලෙස ද පත්කර තිබේ.

මෙම වාර්ෂික ස්ථාන මාරුවීම් සඳහා අද(25) දිනය දක්වා අභියාචනා ඉදිරිපත් කළ හැකි බව අධිකරණ සේවා කොමිෂන් සභාව සඳහන් කරයි.

Related posts

ඉබ්බාගමුව පන්නල ප්‍රදේශයේ නිවෙසක පිපිරීමක් | අත්හදා බැලීමක් සිදු කළාදැයි විමර්ශන

colombotoday

ශ්‍රී ලංකන් ගුවන් යානයක්, ගුවන් ගත වී විනාඩි 05කින් යළි බස්සයි

Admin

රජයේ හෙද නිලධාරින්ගේ සංගමයෙන් අනතුරු ඇඟවීමක්

colombotoday

සිරිල් ගාමිණී පුජක තුමා අත්අඩංගුවට ගන්නේ නෑ – නීතිපති දන්වයි

colombotoday

කරන්දෙණිය දිසා රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම අද සිට

colombotoday

කොළඹ ලෝකෙන්ම අංක එකට එයි

colombotoday