Colombo Today Local News

කරන්දෙණිය දිසා රෝහලේ කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම අද සිට

කරන්දෙණිය දිසා රෝහල අද (7)දින සිට කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාර කරන රෝහලක් බවට පත්කර ඇත.

කොවීඩ්-19 රෝගීන් 100 දෙනෙකුට එකවර නේවාසිකව ප්‍රතිකාර කළහැකි අයුරින් මේ රෝහලේ වාට්ටු සකසා තිබේ.

වෛද්‍යවරුන් ඇතුලු කාර්ය මණ්ඩලයද කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා පුහුණුකර ඇත.

ප්‍රතිකාර ලබන රෝගීන්ට රෝහලෙන් පැනයාමට නොහැකි අයුරින් දම්වැල් ගසා ඇති අතර ටකරන් තහඩුවලින් වට කොට තිබේ.

අද (7)දින සිට කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කරන කරන්දෙණිය දිසා රෝහලේ වාට්ටු නිරීක්ෂණය කිරීමට දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක විශේෂඥ වෛද්‍ය චන්දිම සිරිතුංග, කරන්දෙණිය දිසා රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරී ටී. ප්‍රනීත් යන මහත්වරු ඇතුලු කණ්ඩායමක් සහභාගි වූහ.

Related posts

ජන සටනට එජාපයෙන් කොක්කක්… 28 දා එජාප පාක්ෂිකයන් තොගයක් නුවරට කැදවයි !

colombotoday

මුහුණු පොතෙන් නිවාස සිහින පෙන්නා කෝටි ගණන් ගැරූ අයෙක් රක්ෂිතයට

colombotoday

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපිට.

colombotoday

හොරණදී වෙඩි තබා පුද්ගලයෙකු මරා දමයි

colombotoday

බදියුදීන් ආණ්ඩුවට ආවොත් එලවනවා..- විමල් කියයි

colombotoday

ඉන්ධන බවුසර් 3ක බලපත්‍ර අත්හිටුවයි

colombotoday