Colombo Today Local News

මුහුණු පොතෙන් නිවාස සිහින පෙන්නා කෝටි ගණන් ගැරූ අයෙක් රක්ෂිතයට

සමාජ මාධ්‍ය ජාලයේ මුහුණු පොත හරහා දැන්වීම් පළකරමින් නිවාස ඉදිකර දෙන බව පවසා හයකෝටි අසූ ලක්ෂයක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවකු ජූලි 10 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය සිකුරාදා (26වැනිදා) නියම කළේය.

මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ ලොයිඩ් කෝලිත මහලියන නමැති වැල්ලවත්ත ප්‍රදේශයේ අංක 27/59 පැරකුම් මාවතේ පදිංචිකරුවෙකි.

මෙම සැකකරු අංක 188, වේරහැර බොරලැස්ගමුව ප්‍රදේශයේ ප්‍රිමියර් බිල්ඩර්ස් ඉන්ජිනියරින් නමින් ආයතනක් පිහිටුවා මුහුණු පොත හරහා දැන්වීම් පල කරමින් නිවාස සාදා දෙන බව දිවයිනේ විවිධ ප්‍රදේශවල ජනතාව මුලා කර මෙම මුදල් ලබා ගැනීම සිදුකර තිබේ.

පසුගිය යහපාලන සමයේ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න අතින් සම්මාන ලබා ගන්නා ආකාරය සහිත ඡායාරූප පෙන්වමින් මෙම මුදල් වංචාව සිදු කර ඇත. මේ සම්බන්ධව පැමිණිලිකරුවන් විසින් ජනාධිපති අවධානය යොමු කරවීම සඳහා ජනාධිපති කාර්යාලයට ලිපියක් ද යොමු කර ඇත.

Related posts

මත්කරල් 490 ක් සමඟ අයෙක් අල්ලයි

Admin

බැදුම්කර වාර්තාව කල් යයි.. කොමිසමේ කාලය දීර්ඝ කෙරේ !

colombotoday

ජනාධිපති මන්දිරයෙන් අරගලකරුවන් සොයා ගත් කෝටි 2ක ගෝඨා ඉල්ලයි

Admin

මැලේසියාවේ සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

හොරොව්පතාන මුස්ලිම් පල්ලියේ ගැටුමක්.. බේරන්න ගිය ග්‍රාමසේවක ගුටි කා රෝහලේ

colombotoday

බැසිල් පිලෙන් විමල්ට-ගම්මන්පිලට ප්‍රහාරයක්…

colombotoday