Colombo Today Local News

හොරොව්පතාන මුස්ලිම් පල්ලියේ ගැටුමක්.. බේරන්න ගිය ග්‍රාමසේවක ගුටි කා රෝහලේ

mos attack2223හොරොව්පොතාන යාන්ඔය මුස්‌ලිම් මහ පල්ලියේ සාමාජික මුදල් නොගෙවීමේ සිද්ධියක්‌ මත දෙපිරිසක්‌ අතර ඇතිවූ ගැටුමක්‌ සමථයකට පත් කිරීමට මැදිහත් වූ ග්‍රාම නිලධාරියෙකුට එම මුස්‌ලිම් පල්ලියේදී පහරදුන් පුද්ගලයන් දෙදෙනකු හොරොව්පොතාන පොලිසිය මගින් ඊයේ (7 දා) උදේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.

ඉකුත් 5 වැනිදා (සිකුරාදා) දවල් එම පල්ලියේ පැවැති ඉස්‌ලාම් ආගමික වතාවත්වලට සහභාගි වූ අවස්‌ථාවේ ග්‍රාම නිලධාරිවරයා පහර කෑමට ලක්‌ව ඇති අතර එහිදී පහරකෑමට ලක්‌වූ යාන්ඔය වෙලන්ගහ උල්පත ග්‍රාම නිලධාරි තිස්‌පස්‌ හැවිරිදි මොහොමඩ් සුල්තාන් මොහොඩ් සාසීම් මහතා ප්‍රතිකාර සඳහා හොරොව්පොතාන රෝහලට ඇතුළත්ව ඇත.

ඔහුට පහරදුන් බව කියන අවුරුදු පනස්‌ පහ සහ හැට පහ වයසේ පසුවන සැකකරුවන් දෙදෙනා යාන්ඔය ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

හොරොව්පොතාන පොලිසිය විසින් එම සැකකරුවන් දෙදෙනා ඊයේ (07 දා) කැබිතිගොල්ලෑව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-දිවයින

Related posts

“යුනිෆෝම් ගහගෙන නැමෙන්න එපා” අවුරුද්දට වදින්න ගිය STF සෙබළාට ජනපති කියයි

colombotoday

පොලිස් ඇමතිට ජීවිත තර්ජනයක්

Admin

වසර තුනකට පසු ඉගිනිමිටියේ වාන් දොරටු හයම විවෘත කරයි

Admin

ඇමතිකමක් නොමැති හේතුව – ගම්මන්පිලගෙන් නිවේදනයක් !

colombotoday

අඩු ආදායම් ලාබී පවුල් ගල් යුගයට ගෙන යන ගමන් සිටිනවා

Admin

රණවිරු දඩයම මෙහෙයවූ CID ලොක්කෙක් පවුලත් සමග රටින් පනී !

colombotoday