Colombo Today Local Newsfeatured

මොරගහකන්ද ගොවීන් අන්ත අසරණ කළ කාබනික වී වගාව

මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල පල්ලේගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ, මහවැලි මොරගහකන්ද කලාපයේ මා ඔය සහ තෝරපිටිය ගොවීන් අද වන විට කබලෙන් ළිපට වැටී ඇත. රජරට ප්‍රදේශයේ පවතින වකුගඩු රෝගය තුරන් කිරීමේ අරමුණ ඇතිව ආරම්භ කළ කාබනික ගොවිතැන සහ දේශීය වී වගාව නිසා මෙලෙස ගොවීන් අසරණ වී ඇත.

මොරගහකන්ද කලාපයේ කළු ගඟ ජලාශයෙන් ජලය ලබා දෙන ගොවිබිම්වල ගොවීන්ට මේ ආකාරයට මහවැලිය මගින් බිත්තර වී සහ කාබනික පොහොර ලබා දී ඇත. ඒ ලබා දුන් ආකාරයට, ඒ උපදෙස් මත, ගොවීන් වගා කටයුතු කළද අස්වැන්න නෙලීමට ආසන්න වෙමින් තිබියදී ගොවිබිම් සියල්ල විනාශ වෙමින් පවතී. ගොයම් ගසට කිසියම් රෝගයක් වැළඳී ගස වර්ධනය බාල වී කලක් යත්ම මැරී යයි.

ගොවියන් පවසන්නේ ගොයම් ගස කහ පාට වී සුදු පැහැති ගොබයක් හට ගෙන ගස විනාශ වී යන බවයි. අදාළ අංශ දැනුවත් කළ විට ඔවුන් පවසා ඇත්තේ, පස සරුභාවයක් සහ ජලය ආම්ලිකතාවක් නිසා මෙය සිදුවන බවයි.

පරීක්ෂණයක් නොකර මේ ආකාරයට කාබනික පොහොර භාවිතා කර වගාවට ගොවීන් යොමු කරලීම මගින් ගොවීන් අන්ත අසරණ වී ඇත. ගොවින් පවසන්නේ ඔවුන්ට වගා කටයුතු සඳහා වැය වූ මුදලවත් ගණන් බලා වන්දියක් ලෙස ලබාදෙන ලෙසයි.

බකමුණ මදුශංක.

Related posts

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයෙන් පසු බැංකු සහ කොටස් ගණුදෙනු ඇරඹෙයි

Admin

සෞඛ්‍ය සේවාවේ වෘත්තීය සමිති අද පැය 5ක වර්ජනයක්

colombotoday

පාස්කු ප්‍රහාරය පිටුපස රහස් න්‍යාය පත්‍රයක් තියනවා… බලයට ආ විගස පාස්කු වින්දිතයන්ට යුක්තිය ලබා දෙනවා – විපක්ෂ නායක කියයි

Admin

මාලිගාවත්ත සලාම් ජුම්මා පලිලියෙන් මතුවූ අවි ආයුධ මෙන්න

colombotoday

ලොව පුරාම අර්බුධයක්… ඇතැම්විට බදු වැඩි කිරීමට සිදුවේවි – අගමැති

colombotoday

ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday