World

ඇල්ජීරියාවේ රිය අනතුරකින් 34ක් මරුට

ඇල්ජීරියාවේ දකුණු පළාතේ Tamanrasset හි සිදුවූ රිය අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 34 දෙනෙකු මියගොස් ඇති බව ඇල්ජීරියානු බලධාරීහු පවසයි.

එරට සිවිල් ආරක්ෂක ඒජන්සිය සඳහන් කරන්නේ, මගී බස් රථයක් ගිනි ගැනීමට පෙර තවත් වාහනයක ගැටී ඇති බවයි.

තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

අනතුරට මුහුණදුන් අය තවමත් හඳුනාගෙන නැති බවද බලධාරීන් පවසයි.

Tamanrasset නයිජර් සහ මාලි වලට ආසන්නව පිහිටා ඇති නගරයක් වන අතර උප සහරා අප්‍රිකාවේ සිට යුරෝපයට පැමිණීමට උත්සාහ කරන සංක්‍රමණිකයන් සඳහා භාවිතා කෙරෙන හරස් මාර්ගයක් බවයි වාර්තා වන්නේ.

Related posts

ඇෆ්ගනිස්තාන සෞඛ්‍ය ඇමැතිට කොරෝනා

colombotoday

සයිප්‍රසයේ භූ කම්පනයක්

colombotoday

නිලධාරීන් ආධාර සොරකම් කරලා… සෝමාලියාවේ දුප්පතුන්ට ආධාර සැපයීම අත්හිටුවයි

Admin

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

Admin

උතුරු කොරියා – ඇමරිකා සීතල යුද්ධය මැද රුසියානු යුධ ටැංකි පිරුණු දුම්රියක් උතුරු කොරියානු දේශසීමාවට

colombotoday

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

Admin