World

කාන්තා බන්ධනාගාරයක ගැටුමකින් 41ක් මියයයි

හොන්ඩුරාස් රාජ්‍යයේ කාන්තා බන්ධනාගාරයක ඇති වූ ගැටුමකින් පුද්ගලයින් 41දෙනෙකු මියගොස් තිබේ.

ප්‍රතිවාදී කල්ලි දෙකක් අතර ඇති වූ ගැටුමක් මීට හේතු වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගැටුම් අතරතුරදී ගින්නක් ද හටගෙන ඇති අතර වෙඩි තැබීම් ද වාර්තා වී ඇත.

මියගිය පිරිස අතර සිටින බන්ධානාගාර නිලධාරීන් සංඛ්‍යාව මෙතෙක් තහවුරු වී නොමැත.

මේ හේතුවෙන් එරට නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍යවරිය හදිසි තත්ත්වයක් ද ප්‍රකාශයට පත් කර තිබේ.

තුවාල ලැබූ පුද්ගලයින් රෝහල්ගත කර ඇති බව විදෙස් වාර්තාවල සඳහන් ය.

Related posts

Zika ලොව කළඹයි… ලෝකය පුරා හදිසි ආපදා තත්ත්වයක්… ලංකාවත් සූදානම්

colombotoday

ප්‍රථම වරට රුසියානු සබ්මැරීන් මගින් ISIS ත්‍රස්තවාදීන්ට දරුණු ප්‍රහාරයක් (Video)

colombotoday

අමෙරිකාවේ වෙඩි තැබීමකින් පුද්ගලයින් 9 දෙනෙකුට තුවාල

colombotoday

ස්පාඤ්ඤයේ කොරෝනා මරණ 8,000 ඉක්මවයි

colombotoday

හිට්ලර් යළි උපදී, ලෝකයම හිනස්සයි (video)

colombotoday

ලොව ධනවත්ම කාන්තාවකගෙන් සුවිසල් ආධාරයක්

colombotoday