World

කතක් අමෙරිකාවේ පාසලකට වෙඩි තබයි

අමෙරිකාවේ නැෂ්විල් හි ප්‍රාථමික පාසලක සිදුවූ වෙඩි තැබීමකින් කුඩා ළමුන් ඇතුළු පුද්ගලයන් 6දෙනෙකු මියගොස් තිබේ.

වෙඩිතැබීම අවුරුදු 03ත් 11ත් අතර සිසුන් අධ්‍යාපනය ලබන පෞද්ගලික ක්‍රිස්තියානි පාසලක සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඝාතනයට ලක්ව ඇති ළමුන් තිදෙනා 09 හැවිරිදි වියේ පසුවූ සිසුවියන් බවට හඳුනාගෙන තිබේ.

වෙඩිතැබීම කාන්තාවක් විසින් සිදුකර ඇති අතර පොලීසිය විසින් ඇයව ද වෙඩි තබා ඝාතනය කර ඇති බව වාර්තා වේ.

28 හැවිරිදි සැකකාරිය එම පාසලේම ආදි ශිෂ්‍යාවක බවට සැකකරන බව එරට පොලීසිය පවසයි.

වෙඩිතැබීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ පාසල් සහ පල්ලි සෝදිසි කිරීමට ද සැලසුම් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

ප්‍රහාරක ජෙට් යානයක් අතුරුදන්වෙයි

colombotoday

ලොව පුරා කොවිඩ් බලපෑම

colombotoday

ෆේස්බුක් ආයතනය විසින් මුස්ලිම් විද්වතුන්ගේ සංගමයේ (IMMS) ෆේස්බුක් ගිණුම වසා දමයි.

colombotoday

ජපානයේ තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක්

colombotoday

ඔබාමාටත් කෝවිඩ්

colombotoday

ඉන්දීය ගීත කෝකිලාවිය ලතා මංගෙෂ්කාර් දැඩිසත්කාර ඒකකයට

colombotoday