Colombo Today Local News

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්

අම්පාර දිස්ත්‍රික්කයේ නැවත පදිංචි කිරීමේ කටයුතු මේ වනවිට සම්පූර්ණයෙන්ම අවසන්කර ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා සඳහන් කරයි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ, එම දිස්ත්‍රික්කය බිම්බෝම්බවලින් තොර භූමියක් ලෙස සනාථ කර ගැනීමෙන් පසුව ගම්මානවල ජනතාව නැවත පදිංචි කිරීමට පියවර ගත් බවයි.

විදේශීය රාජ්‍ය නොවන සංවිධාන, දේශීය රාජ්‍ය නොවන සංවිධාන හා යුධ හමුදාවේ මානුෂීය බිම්බෝම්බ ඉවත් කිරීමේ ඒකකයේ සහයෝගය ලබාගනිමින් වළදමා තිබූ බිම්බෝම්බ ඉවත්කර ඇත.

අම්පාර දිස්ත්‍රික්කයේ තිරුක්කෝවිල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ තංගවේලායුදපුරම්, කන්චිකුයාරු, කාන්චිරම්කුඩා, සාගාමම් යන ගම්මාන හතරෙහි ‍නිවාස 343ක් ඉදිකර අවසන් කර තිබෙන අතර තවත් ස්ථිර නිවාස 72ක් ඉදිකිරීමට නියමිත බව අමාත්‍යවරයා පවසයි.

Related posts

ඉන්දියාවෙත් තහනම් කළ කුඩා මෝටර් රථයක් මෙරට අලෙවියට රජය අවසර දෙයි…

colombotoday

න්‍යෂ්ඨික අත්හදාබැලීම් වහා නවතනු ! – ශ්‍රී ලංකා රජය උතුරු කොරියාවට විරෝධය දක්වයි

colombotoday

පණිවිඩකරුට වෙ-ඩි නොතබනු මහවිරු සමරපු අයව අල්ලනු

Admin

අද පැවැත්වීමට තිබූ විරෝධතා පා ගමනකට අධිකරණ නියෝගයක්

colombotoday

CPC ඉන්ධන නිකුත් කිරීම සීමා කරයි

colombotoday

පුතාට රිය අනතුරක්… ගම්මන්පිලට ඕස්ට්‍රේලියාවට යෑමට අවසර

colombotoday