World

පැරණිතම මානව හිමිකම් සංවිධානයක ලියාපදිංචිය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයක්

රුසියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අඟහරුවාදා තීන්දු කළේ එරට පැරණිතම සහ ප්‍රමුඛතම මානව හිමිකම් සංවිධානයක් වසා දැමිය යුතු බවයි.

සෝවියට් සංගමය තුල දේශපාලන මර්දනය පිලිබඳ අධ්‍යයනයන් සඳහා ප්‍රකට වූ ජාත්‍යන්තර මානව හිමිකම් කණ්ඩායමක් වන සහ දැනට රුසියාවේ සහ විදේශයන්හි කුඩා කණ්ඩායම් 50කට වැඩි සංඛ්‍යාවක් ඇතුළත් වන ජාත්‍යන්තර මානව හිමිකම් කන්ඩායමක් වන Memorial හි නෛතික තත්ත්වය අවලංගු කරන ලෙස අභිචෝදක ජනරාල් කාර්යාලය පසුගිය මාසයේ ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළේය.

“Memorial සංවිධානය, රුසියාව ත්‍රස්තවාදී රාජ්‍යයක් ලෙස ව්‍යාජ ප්‍රතිරූපයක් නිර්මාණය කරයි” යනුවෙන් නඩු විභාගයේදී චෝදනා කරන ලද පැමිණිල්ලට පක්ෂව අධිකරණය අඟහරුවාදා තීන්දුව ලබා දුන්නේය.

Related posts

බොලිවුඩ් සුපිරි නිළි අයිශ්වර්යා රායි පැනමා පේපර්ස් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට කැඳවයි

colombotoday

රුසියානු න්‍යෂ්ඨික නෞකා බලඇණියක් බ්‍රිතාන්‍යයට කිට්ටු කරයි.. ඉංග්‍රීසි ඕඩය ගිනියම්!

colombotoday

අවසන් ගමන් යාමට මොහොතකට පෙර

colombotoday

69 වන ඔස්කා සම්මාන උළෙල

Admin

රුසියානු අගමැතිටත් කොරෝනා

colombotoday

මියන්මාර හමුදා අධිකරණය අවුන්සාන් සුකී තවත් වසර හතකට සිර කරයි

Admin