World

තම දියණිය ඝාතනය කර කොටස්වලට කපා ශීතකරණයේ දැමූ බ්‍රසීල මවක් අත්අඩංගුවට

දියණිය ඝාතනය කර ඇගේ සිරුර කොටස්වලට කපා දැමීම සම්බන්ධයෙන් බ්‍රසීල කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබේ.

නව හැවිරිදි දැරියගේ සිරුරු කොටස් සති තුනකට ආසන්න කාලයක් සාඕ පවුලෝ හි පිහිටි ඇගේ නිවසේ ශීතකරණයක් තුළ තිබීයදී පොලිසිය විසින් සොයා ගත් බවයි විදෙස් මාධ්‍ය පවසයි.

30 හැවිරිදි Ruth Floriano නමැති මෙම කාන්තාව අගෝස්තු 26 වනදා අත්අඩංගුවට ගෙන ඇති බවද සඳහන්.

Ruth Floriano නමැති මෙම කාන්තාව පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ, පසුගිය අගෝස්තු 8 වැනිදා සිට 9 වැනිදා දක්වා කාලය තුළ මත්ද්‍රව්‍ය පානය කර දැරිය ඝාතනය කළ බවයි.

ඇයගේ අනෙක් දරුවන් දෙදෙනා ළමා ආරක්‍ෂිත මධ්‍යස්ථානයක භාරයට පත් කර තිබේ.

Ruth Floriano තම දියණිය වන ඇලනි සිල්වාගේ සිරුරේ කොටස් කපා දැමීමට පහසු ක්‍රමයක් සොයා ගැනීමට අන්තර්ජාලය ගවේෂණය කළ බවද බ්‍රසීල සිවිල් පොලිසියට පවසා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

දියණියට තම පියාගෙන් වෙන්වීම පිළිගැනීමට නොහැකි වූ නිසා Ruth Floriano මෙම ඝාතනය සිදු කළ බවද පොලිසියට පවසා තිබෙන බව සඳහන්වෙයි.

Related posts

රුසියාවේ ඉදිකිරීම්,නිවාස සහ උපයෝගීතා අමාත්‍යාංශයේ වෙබ් අඩවියට සයිබර් ප්‍රහාරයක්

colombotoday

රාහුල් ගාන්ධිගේ පෙත්සම විසි වෙයි – මන්ත්‍රී ධුරය නැවත ලබා ගැනීමෙ අවස්ථාවත් සුන්

Admin

ජපානයේ තවත් කොවිඩ් ප්‍රභේදයක්

colombotoday

මෙක්සිකෝවේ උද්ඝෝෂකයින්ගෙන් ජනපති මැදුරට හානි

Admin

චීනයේ වසාදැමුණු සිනමා ශාලා යළි විවෘත කිරීමේ සූදානමක

colombotoday

අයිස්ලන්තයේ ගිනි කන්දක් පුපුරයි

Admin