Colombo Today Local News

උපාධි පාඨමාලා සඳහා රජයෙන් පොලී රහිත ණයක්

රජයේ පොලී රහිත ණය යෝජනා ක්‍රමයට ඇතුළත් වී පිළිගත් පෞද්ගලික විශ්වවිද්‍යාලයක උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව සිසුන්ට හිමිව තිබේ.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක මහතා විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

ඒ අනුව 2018, 2019 සහ 2020 වසරවලදී උසස් අධ්‍යාපනය සඳහා රාජ්‍ය විශ්වවිද්‍යාල ප්‍රවේශය ලබාගැනීමට නොහැකි වු සිසුන් වෙනුවෙන් එම වැඩසටහන ක්‍රියාත්මක වේ.

එම ණය යෝජනා ක්‍රමය “Skills – High Education Exhibition @kaluthara – 2022” නමින් හඳුන්වා තිබේ.

කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණය කරමින් ජනවාරි 28 වන දින ක්‍රියාත්මක කිරීමට නියමිත මෙම වැඩසටහන පෙ.ව 9.30 – ප.ව 4.30 දක්වා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාල පරිශ්‍රයේ දී පැවැත්වේ.

Related posts

මේ විනාසයෙන් රට බේරාගත හැකි එකම පුද්ගලයා ඔබයි – ගැටඹේ හිමි ගෝඨාභයට කී කතාව

colombotoday

පළාත්සභා මැතිවරණයට දින තීන්දු වෙයි

colombotoday

අද රාත්‍රියේ සිට රට පුරා හදිසි නීතිය !

colombotoday

පාලන මිල ඉක්මවා හාල් වික්ක කොළඹ මුදලාලිලා 77කට දඩ

colombotoday

බ්‍රිතාන්‍යයේ සිටි තවත් ශ්‍රී ලාංකිකයෙක් මරුට

colombotoday

කිරිබත්ගොඩ ගොඩනැගිල්ලක ගින්නක්

colombotoday