Colombo Today Local News

පාලන මිල ඉක්මවා හාල් වික්ක කොළඹ මුදලාලිලා 77කට දඩ

පාලන මිලට වැඩියෙන් සහල් විකිණීම සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික ඒකකය මගින් අත්අඩංගුවට ගත් කොළඹ දිස්ත්‍රික් ව්‍යාපාරිකයන් 77 දෙනෙකුට පසුගිය ජූනි මාසයේදී අධිකරණ රුපියල් 20,39,500ක දඩ මුලක් නියම කර තිබේ.

එම දඩ මුදලට අමතරව එක් ව්‍යාපාරිකයෙකුට තෙමසක සිර දඬුවමක් ද නියම කර ඇත.

පාලන මිල ඉක්මවා වැඩි මිලට සහල් විකිණීම, මිල ගණන් ප්‍රදර්ශනය නොකිරීම, සහල් ඇසුරුම්වල තොරතුරු වෙනස් කිරීම යන චෝදනා යටතේ එම ව්‍යාපාරිකයන්ට එසේ දඩ නියම කර ඇත.

සුපිරි වෙළෙඳ සල් සහ තොග අලෙවිසල් ආශ්‍රිරතව කළ වැටලීම්වලදී මොවුන් අත්අඩංගුවට ගත් බව කොළඹ දිස්ත්‍රික් පාරිභෝගික කටයුතු විමර්ශන ප්‍රධානී ගාමිණී අතපත්තු මහතා පවසයි.

රජය මගින් නියම කර ඇති පාලන මිල ඉක්මවමින් කිසියම් ව්‍යාපාරිකයෙකු වැඩි මිලට සහල් විකුණන්නේ නම් හෝ ඉහත සඳහන් වැරදි කරන්නේ නම් පාරිභෝගික අධිකාරිය වෙත දැනුම් දෙන ලෙසද සහල් මිලට ගත් බිල්පත් තමන් සන්තකයේ තබා ගන්නා ලෙස ද ඒ මහතා පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

දේශීය නාඩු සහල් කිලෝවක් රුපියල් 220ක්, සම්බා සහල් කිලෝවක් රුපියල් 230ක්, කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක්, සුදු හා රතු කැකුළු කිලෝවක් රුපියල් 210ක් වශයෙන් අලෙවි කිරීම සඳහා රජය මීට පෙර පාලන මිලක් නිකුත් කර තිබූ බව ද එසේ තිබියදී මෙම වංචා කර ඇති බව ද අතපත්තු මහතා පවසයි.

සහල්වලට අමතරව පාරිභෝගික නීති කඩ කිරීමට අදාළ වෙනත් වැටලීම් 25ක් ඇතුළු සමස්ත වැටලීම් 102ක් ජූනි මාසය තුළ කළ බව ද ඒ මහතා වැඩිදුරට ත් පවසයි.

පාරිභෝගික අධිකාරියේ සභාපති නීතිඥ ශාන්ත කිරිඇල්ල මහතා හා කොළඹ දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් යසරත්න මහතාගේ උපදෙස් පරිදි කොළඹ දිස්ත්‍රික් ප්‍රධානී ගාමිණී අතපත්තු මහතාගේ මෙහෙයවීම මත ජ්‍යෙෂ්ඨ විමර්ශන නිලධාරි රංජන, හා විමර්ශන නිලධාරීන් වන ඉසුරු පෙරේරා, මනෝජ් ජයකොඩි, තනුජ් වීරකෝන්, නුවන් එදිරිසිංහ, පියල් සමරනායක එස්.පී. පුංචිහේවා, අරවින්ද ශාලිත හා ධනුක ගුණරත්න යන නිලධාරීන් මෙම වැටලීම් කර තිබේ.

Related posts

අම්බලන්ගොඩ වෙඩි තැබීමකින් අයෙක් මරුට

colombotoday

MCC ගිවිසුම සම්බන්ධව මාගේ නායකත්වය යටතේ සාකච්ඡා වුයේ නෑ- කබ්රාල්

colombotoday

2016 මුල් කාර්තුවේ විරැකියාව 4% කින් ඉහළ ගිහින් !

colombotoday

සිංහල අපි කොළඹ තුන්වන තැනට වැටිලා.. “පුංචි පවුල රත්තරං“ කතා දැන් ඇති.. හැකිතාක් දරුවන් හදන්න

colombotoday

මගේ රාජ යෝගය උදාවුණේ ඉපදුණු දවසෙමයි… කේසර සිංහයෙක් වගේ මම ඕන අභියෝගයකට ලෑස්තියි

colombotoday

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

colombotoday