Colombo Today Local News

පියාගේ මිත්‍ර පෙදරේරුවා දියණිය අපයෝජනය කරලා

පහළොස් හැවිරිදි බාල වයස්කාර දැරියක අපයෝජනය කළබව කියන 34 හැවිරිදි පෙදරේරුවෙකු කුරුන්දන්කුලමදි අද(29)දින අත්අඩංගුවට ගත්බව මිහින්තලය පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිහින්තලය,කුරුන්දන්කුලම පදිංචි විවාහක 34 හැවිරිදි පෙදරේරුවෙකි.

වින්දිත දැරිය සහ සැකකරු අසල්වාසින් බව පොලිසිය කියයි.මෙම දැරියගේ පියා සහ සැකකරු පෙදරේරුවන් ලෙස රැකියාව සිදුකරන අතර එම හිතුවත්කම මත සැකකරු දැරියගේ නිවසට යන එන අතර වාරයේදි දැරිය අපයෝජනය කර ඇති බව පොලිසිය පැවසිය.

මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් මත සැකකරු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි.

ඔහු අද (29)දින අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

Related posts

ශ්‍රීලනිපයේ මතය අගමැතිට දැනුම් දෙයි

colombotoday

ආරක්ෂාව දෙන තුරු වේල් උත්සවය අත් හිටුවයි. මනෝ ගනේෂන් ලැජ්ජාවෙන්…

colombotoday

හිලරිට ජයපතා පොල් ගැසූ අය ට්‍රම්ප් දෙසට හැරෙයි.. හමුදාවට දඩුවම් දෙන්න සහය ඉල්ලන්න යයි

colombotoday

“කර්නල් රත්නප්‍රිය ආදර්ශය” ජාතික සමගියට නව ප්‍රවේශයක් කරගනිමු – විමල් ජනපතිට ලියයි

colombotoday

ප්‍රංශ ණය යෝජනා ක්‍රමය යටතේ ඉදි කෙරෙන කිරි කම්හලක් වාරියපොල විවෘත කෙරෙයි

Admin

වියළි කහ තොගයක් සමග සැකකරුවෙක් අල්ලයි

colombotoday