Colombo Today Local News

උඩරට මාර්ග රැසකට පස් කඳු කඩා වැටෙයි

කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගය බදුල්ල බණ්ඩාරවෙල අතර කිරි මණ්ඩලය ආසන්න ප්‍රදේශයේදී විශාල පස් කන්දක් කඩාවැටී එම මාර්ගයේ ගමනාගමනය සම්පූර්ණයෙන්ම අවහිර වී ඇති බව බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසීය.

කෙසේ වෙතත් මේ වන විට මාර්ගය අවහිර වී ඇති බැවින් විකල්ප මාර්ග භාවිතා කරන ලෙස පොලිසිය රියදුරන්ට දන්වයි.

මේ අතර පස්සර බිබිල මාර්ගයේ 187 කනුව ප්‍රදේශයේදී ද පස්කදු කඩා වැටී ඇති අතර එම ප්‍රදේශයේ මාර්ග පද්ධතිය සකස් කිරීම සඳහා බැකෝ යන්ත්‍ර දෙකක් යොදා ඇති බවද අවශ්‍ය ඕනෑම අවස්ථාවක යොදාගැනීමට හැකිවන පරිදි පැය විසිහතර පුරා ක්‍රියාත්මක වන පරිදි බැකෝ යන්ත්‍ර දෙකක් රඳවා ඇති බව ද ආපදාකළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මේ අතර නුවරඑළිය ගලාගම හරහා වැලිමඩ මාර්ගයට කාර්රවුම ප්‍රදේශයේදී විශාල ගල් පෙරලීම නිසා මේ වනවිට එම ස්ථානයෙන් ගමන් කළ හැකි වන්නේ කුඩා වහන වලට පමණක් බවද අඹගස්දෝව පොලිසිය පවසයි.

එම ස්ථානයේ සිටි අවදානම් නිවසක පදිංචිකරුවන්ද තාවකාලිකව ඉවත් කර තිබෙන බව ආපදා අංශ සඳහන් කළේය.

Related posts

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

colombotoday

පළමු අදියර යටතේ සිසුන් 200ට අඩු පාසල් හෙට ඇරඹෙයි

colombotoday

සහකාර පොලිස් අධිකාරීවරුන් 16ක් පොලිස් අධිකාරී නිලයට

colombotoday

පුස් වෙඩිද ජීව උණ්ඩද කියලා ඉදිරියේදී අනුර කුමාරට බලන්න පුළුවන්. | ඇමති සරත් වීරසේකරගෙන් සැර කතාවක් සරත් වීරසේකර

colombotoday

හැටන් අධිකරණයේ රෙජිස්ටාර්වරයාට කොවිඩ්. නඩු කල් තබයි. – සියළුම සේවකයින් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයට.

colombotoday

ජනපති කොමිසමේ නිර්දේශ නීතිපති ක්‍රියාත්මක කරයි.. පළමු නඩු දෙක හිටපු ඇමතිට

colombotoday