Colombo Today Local News

තේ වගාවට පොහොර අඩුවට දෙන්න ආණ්ඩුවෙන් තීරණයක්

මෙරට තේ වගාව සඳහා අවශ්‍ය පොහොර රජයේ පොහොර සමාගම් දෙකක් වන කොළඹ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම මගින් ලබා දීමට කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මෙතෙක් තේ වගාව සඳහා අවශ්‍ය පොහොර ලංකා තේ මණ්ඩලය විසින් තේ වගාකරුවන් වෙත පුද්ගලික අංශයෙන් මිල දී ගැනීම සඳහා ණය මුදලක් ලබා දුන් අතර ඒ සඳහා වැඩි මිලක් ගෙවීමට තේ වගා කරුවන්ට සිදුවිය.

ඇතැම් තේ වගා කරුවන් පොහොර නොයොදා එම මුදල් වෙනත් කටයුතුවලට යොදවන බවට තොරතුරු ලැබී ඇතැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

මෙරට තේ වගාව සඳහා වාර්ෂික පොහොර අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 40,000කි.

ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් මිලියන 6800ක් පමණ වේ.

Related posts

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin

‘සිරගත හමුදාසෙබළු දේශපාලන සිරකරුවන් බව හිටපු ජනපති කියනවා, ඔහුට බන්ධනාගාරයට යෑමට ඉඩ‍නොදෙනු’ අසාද් සාලි

colombotoday

මන්කි පොක්ස් වැලදෙන්නේ පිරිමි සම ලිංගිකයන්ට

Admin

පානදුර පාපන්දු ක්‍රීඩකයෙක් ඇද වැටී මියගිහින්

Admin

පැය 5 යි මිනිත්තු 15 ක් අදත් විදුලිය කැපෙන හැටි මෙන්න

colombotoday

මාර්ග නීති නැගෙනහිරට අදාළම නොවෙයි.. නීතිය ක්‍රියාත්මක කළොත් පොලිසියටත් ගුටි !

colombotoday