Colombo Today Local News

රාජ්‍ය සේවකයින්ගේ වැඩිවුණු වැටුප් ගැන දැනුම්දීමක්

2024 අයවැය මඟින් රාජ්‍ය සේවකයින් සඳහා යෝජිත රු 10,000ක වැටුප් වැඩිවීමේ පළමු අදියර ලෙස රුපියල් 5,000ක දීමනාවට අදාළ මුදල් භාණ්ඩාගාරය මඟින් නිදහස් කළ බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

දැනට රාජ්‍ය සේවක වැටුප් සඳහා රුපියල් බිලියන 95ක පමණ මුදලක් වැය වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ජනවාරි මස සිට එම මුදල් තවත් රුපියල් බිලියන 7කින් ඉහළ යන අතර අප්‍රේල් මස සිට යෝජිත රුපියල් 10,000ක වැටුප් වැඩිවීමෙන් පසුව අතිරේකව රුපියල් බිලියන 14ක් පමණ රජයට වැය වන බව ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කරයි.

මුදල් මුද්‍රණය සහ ණය ගැනීම නවතා ඇති තත්ත්වයක් තුළ, වියදම් කළමනාකරණය කිරීම තුළින් පමණක් අදාළ මුදල ඉතිරි ගත යුතු බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

Related posts

පොලිසියේ විනය බිංදුවට වැටිලා.. ඇමතිගෙන් පොලිස්පතිට දැඩි අවවාද

colombotoday

ජනාධිපති මට ඉල්ලා අස්වෙන්න කිව්වෙත් නැහැ, කියන්නෙත් නැහැ

colombotoday

“පිස්සන්කොටුවේ ඉන්න ඕන පිස්සෝ එළියට ඇවිල්ලා“ – ඇමති විජේදාස ‘පුරවැසි බලයේ‘ පතුරුඅරී

colombotoday

පළාත් 6කට නව ආණ්ඩුකාරවරු පත්කෙරේ !

colombotoday

ප්‍රධාන වෛද්‍ය නිලධාරියෙකුටත් කොවිඩ් | වඳුරඹ ග්‍රාමිය රෝහල තාවකාලිකව වැසෙයි

colombotoday

නැදුන්ගමුවේ රාජා ජාතික වස්තුවක් ලෙස නම් කරයි

colombotoday