Colombo Today Local News

රෝහල් සුළු සේවිකාවකට පහර දුන් විශේෂඥ වෛද්‍යවරයා අත්අඩංගුවට

රෝහල් සුළු සේවිකාවකට පහරදීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විශේෂඥ වෛද්‍යවරයා අද (18)දින අත්අඩංගුවට ගෙන තිබේ.

කෙසේ වෙතත් මෙම වෛද්‍යවරයා යම්කිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් කරාපිටිය පෞද්ගලික රෝහලකට ඇතුලත්ව ඇති හෙයින් දැනට පොලිස් ආරක්ෂාව යටතේ ඔහු පසුවන බව ගාල්ල පොලිසිය පවසයි.

මෙම කරුණු සම්බන්ධයෙන් අදාල සේවකයන් සහ කරාපිටිය රෝහල් අධ්‍යක්ෂවරයා අතර සාකච්ඡාවක් අද (18) උදෑසන පැවති අතර රෝහල් අධ්‍යක්ෂකවරයා මෙහිදී සේවක සේවිකාවන්ට පවසා සිටියේ අදාළ වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන ඇති බැවින් දැනට ඔවුන් ගෙන ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය අත්හරින ලෙසයි.

කෙසේ වෙතත් සේවක සේවිකාවන් පවසන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් පැමිණ පරීක්ෂණයක් ආරම්භ කරන තුරු මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අත් නොහරින බවයි.

Related posts

අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු නායකයින්ගේ “අභද්‍ර වචන” වලට බොදු බල සේනා විරෝධය

colombotoday

ජවිපෙ දෙකඩ වෙයි.. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීන් 4ක් ඇතුළු පළුවක් ගැලවී ශ්‍රීලනිපයට එක්වෙයි

colombotoday

අද විදුලිය කැපෙන වේලාවන් මෙන්න

colombotoday

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

colombotoday

“ජනපති-අගමැති කියනවනම් මම ඉල්ලා අස්වෙනවා” – බදියුදීන්

colombotoday

2021 මහ කන්නයේ වී වගාවට ආනයනය කල නැනෝ පොහොර ගැන දූෂණ හොයන්න කමිටුවක්

Admin