Colombo Today Local News

විදේශ තානාපති නියෝජිතයින් අගමැති මහින්ද හමුවෙයි

ශ්‍රී ලංකාවේ විදේශ තානාපති කාර්යාලවල නියෝජිතයින් හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතර හමුවක් සිදුව තිබේ.

ඊයේ (25) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී එම හමුව පවත්වා ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කරයි.

තානාපති සබඳතාවලට අදාළව අග්‍රාමාත්‍යවරයා හා තානාපති නියෝජිතයන් අතර මෙහිදි අදහස් හුවමාරු වී තිබේ.

මේ අතර අද (26)දිනට යෙදී ඇති ජාත්‍යන්තර රේගු දින උත්සවය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබේ.

ශ්‍රී ලංකා රේගුවේ ප්‍රධාන කාර්යාලයේ දී මෙම උත්සවය පැවැත්වීමට නියමිත අතර ජාත්‍යන්තර රේගු දිනය නිමිත්තෙන් වැඩසටහන් රැසක් සංවිධානය කර ඇති බව සඳහන්ය.

Related posts

විදුලිබල, බලශක්ති ටෙන්ඩර් විනිවිදභාවයෙන් යුතුව කිරීමට ඇමති රවීගෙන් උපදෙස්…

colombotoday

උ/පෙළ ප්‍රායෝගික පරීක්ෂණ අද සිට

Admin

මත්ස්‍ය ප්‍රහාරයකින් ධීවරයෙක් මරු දකී

Admin

දූෂණ විරෝධී පනත අතීතයට බලපාන ලෙස සකස් කළ යුතුයි

Admin

බස් රථයක් පාලමක ගැටී තිදෙනෙකු මරුට.. 16ක් රෝහලේ…

Admin

පාස්කු ප්‍රහාරය : නව්ෆර් මව්ලවි ඇතුළු විත්තිකරුවන් 25 දෙනාගේ ඇප ප්‍රතික්ෂේප කරයි

Admin