Colombo Today Local NewsHot News

ඇමති විජයමුණි සොයිසාගේ යාන් ඔයේ වැලි කොල්ලයට තවත් බලපත්‍ර 39ක් !!

වාර්මාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය ගාමිණී විජයමුණි සොයිසාගේ මෙහෙයවීමන් යාන් ඔය ව්‍යාපෘතියේ සිදු කරමින් පවතින් වැලි කොල්ලය සදහා තවත් බලපත්‍ර 39ක් ලබා ගැනීම සදහා භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය වෙත අයදුම් පත් ඉදිරිපත් කර ඇත.

ඇමති විජයමුණි සොයිසාගේ අතයට ගනුදෙනු සිදුකරන, ඔහුගේ නිල නොලත් සම්බන්ධීකාරකවරයෙකු වන ජයරත්න නමැත්තකු විසින් පසුගිය බදාදා දිනයේදී අදාල බලපත්‍ර ලබා ගැනීම සදහා ඉල්ලුම්පත්‍ර ඉදිරිපත් කර තිබෙන අතර, නියමිත මුදල් ගෙවීමෙන් අනතුරුව අද හෝ හෙට දිනයේදී අදාල බලපත්‍ර නිකුත් කිරීමට සූදානම් වන බව භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශ ආරංචි මාර්ග සදහන් කරයි.

මතුව තිබෙන පාරිසරික ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමුකළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් යාන් ඔය ව්‍යාපෘතියේ වැලි කැණීම තාවකාලිකව අත්හිටුවා තිබියදී නැවත වරක් අලුතෙන් බලපත්‍ර නිකුත් කිරීම ප්‍රශ්නකාරී වන අතර, නව බලපත්‍ර නිකුත් කිරීමේදීද පෙර මතුවූ පාරිසරික ගැටළු සම්බන්ධයෙන් අවධානය යොමු කර නොමැති බවද අනාවරණය වේ.

එමෙන්ම එක් බලපත්‍රයකට අදාලව වැලි කැණීම සදහා අවසර දී ඇති හෙක්ටයාර් ප්‍රමාණය මෙන් දෙතුන් ගුණයක භූමි ප්‍රමාණයක වැලි කැණීම් සිදු කර ඇති අතර, එකම බලපත්‍රය කිහිප දෙනෙකුට විකුණා ඇති බවද මීට පෙර අනාවරණය වී තිබුණා. මේ හේතුවෙන් රජයට අයවිය යුතු විශාල මුදලක් අහිමි වී තිබේ.

පසුගිය වසරේ ජූලි මාසයේදී ඇමති සොයිසාගේ තැරැව්කරුවා ලවා යාන් ඔය ව්‍යාපෘතියේ වැලි කැණීම සදහා භූ විද්‍යා කාර්යාංශයෙන් බලපත්‍ර 25ක් පමණ ලබාගෙන තිබුණු අතර, එම බලපත්‍ර ඇමතිවරයාගේ දේශපාලන හිතවතුන්ට විකුණා තිබිණී. සාමාන්‍ය ව්‍යාපාරිකයෙකුට මෙම බලපත්‍රයක් ලබා ගැනීම සදහා රුපියල් ලක්ෂ 50ක මුදලක් ඇමතිවරයාගේ තැරැව්කරැට ගෙවීමට සිදුවිය. එමෙන්ම ඇමති බලතල යොදාගෙන භූ විද්‍යා හා පතල් කාර්යාංශයේ අධ්‍යක්ෂකවරයාට බලපෑම් කරමින් තවත් බලපත්‍ර 15ක් පමණ ලබා ගැනීමට ඇමතිවරයා කටයතු කර තිබිණී.

මේ අතර වරකාපොළ, තුල්හිරිය, රාගලකන්ද ප්‍රදේශයේ අනවසර පස් කැපීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ උදහස ලක්වූ පස් ජාවාරම්කරු වන දේවාලයක කපුවකු සදහාද යාන් ඔය වැලි කැණීමේ බලපත්‍ර දෙකක් වෙන්කර ඇති අතර, මැටි රාජා නොහොත් රාජා පීරිස් නමැත්තාටද බලපත්‍රයක් වෙන් කර තිබේ. තමා ජනාධිපතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙකු යැයි පවසමින් මෙම පුද්ගලයා මීට පෙර භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශ නිලධාරීන්ට තර්ජණය කර ඇති බවද දැනගන්නට ලැබී තිබේ.

ආන්දෝලනයට ලක් වූ දිවුලපිටිය ප්‍රදේශයේ පස් කැපීමේ ජාවාරමට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ නියෝග කර තිබුණු අතර, අදාල සිද්ධියට ප්‍රධාන වැරදිකරුවා තමා යටතේ පවතින භූ විද්‍යා හා පතල් කැණීමේ කාර්යාංශය බව ජනාධිපතිවරයා විසින්ම ප්‍රකාශ කර තිබිණි.

එසේ නම් දිවුලපිටියේ පස් කැපීමේ සිද්ධියටත් වඩා කිහිපගුණයකින් බරපතල පරිසර විනාශයක් සිදු කරමින්, පොදුවේ රටට හිමිවිය යුතු ජාතික සම්පතක් වූ යාන් ඔය වැලි නිධිය කූට ඇමතිවරුන්, දූෂිත නිලධාරීන් හා ජාවාරම්කරුවන්ගේ මඩිය තරකරගන්නා ඉල්ලමක් කරගෙන ඇති පසුබිමක සහ ජනපතිවරයාගේ නියෝග පවා මායිම් නොකට ක්‍රියාකරන ජනතාව විසින් ප්‍රතික්ෂේප කරන ලද මෙවැනි ඇමතිවරුන් සහ නිලධාරීන්ට එරෙහිව ජනාධිපතිවරයා කුමන තීරණයක් ගනීදැයි අප අවදියෙන් සිටිමු.

පෙර පුවත – ඇමති සොයිසා යාන් ඔයේ මහා වැලි කොල්ලයක !

Related posts

යහපාලනයේ නිර්වචනය ඕනෑම තක්‌කඩියකුගෙන් සිංහලයා ගුටි කෑමද? – ගලගොඩඅත්තේ ඥානසාර හිමි

colombotoday

තවුහිත් ජමාත් සමාජිකයෙකු බවට සැකකරන පාර්ලිමේන්තු සේවකයෙක් අත්අඩංගුවට

colombotoday

ෆොන්සේකා දේශපාලන දඩයමක!

colombotoday

කන්ජිපානිගේ පියාට පහරදුන් තිදෙනෙකු රිමාන්ඩ්

colombotoday

සහරාන් ගේ ගිවිසුම්වලට එකඟ වූ ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍යයක් පිහිටුවීම ඉලක්ක කරගත් සංවිධාන අනුර කුමාරගේ සන්ධානයට එකතු වෙලා.

colombotoday

ගොවින්ට නොමිලේ ඩීසල් බෙදන්න රජයට මිලියන 122ක් වැය වෙයි

Admin