Colombo Today Local News

කතෝලික දේවස්ථාන වල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පතිගෙන් උපදෙස්

දිවයින පුරා පිහිටි කතෝලික දේවස්ථානවල ආරක්ෂාව තර කරන්නැයි පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා විසින් අදාළ පොලිස් නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේ එම උපදෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ට, සහකාර පොලිස් අධිකාරීවරුන්ට සහ පොලිස් ස්ථානාධිපතිවරුන්ට දන්වා යවා ඇති බවය.

නත්තල් දේව මෙහෙයන්ට අවශ්‍ය ආරක්ෂාව සැපයීමේ පියවරක් ලෙස මෙම තීරණය ගෙන තිබේ.

“තවත් පැය කිහිපයකින් අසිරිමත් නත්තල උදාවීමට නියමිතව තිබෙනවා. ඒ නිසා විශේෂයෙන්ම කතෝලික පල්ලි, අනෙකුත් දේවස්ථාන ආශ්‍රිතව ආරක්ෂාව සම්බන්ධයෙන් විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන ලෙසට අද දින සවස පොලිස්පතිතුමා විසින් විශේෂ නියෝගයක් නිකුත් කරනු ලැබුවා,” යනුවෙන් ද නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

Related posts

පාතාල කල්ලි සාමාජිකයින් එක්ක මන්ත්‍රිගේ මල්ලි මැණික් ව්‍යාපාරිකයාගේ ඇස් වලට මිරිස් කුඩු ගසා මංකොල්ල කාලා

colombotoday

සහල් මිල ගැන මට අදහසක් නෑ

Admin

ජවිපෙ ඒකමතිකව තීන්දු කරයි.. මන්ත්‍රී හයම විශ්වාසභංගයට පක්ෂයි

colombotoday

සජිත් ගේ නායකත්වයෙන් නව සන්ධානයකට විපක්ෂයේ සියලු පක්ෂ එකඟ වෙයි

Admin

පාර්ලිමේන්තුවේ 225 ම බූරුවන් නම් අනුරත් ඒ ගණයේ

colombotoday

බදුන්ලෙන් ඕෂධීට නාමයෝජනා… ප්‍රබල චරිත කිහිපයක් කැපෙයි !

colombotoday