Colombo Today Local News

ආණ්ඩු පෙරළියට සූදානම්… වාසුගේ සහය මෛත්‍රී පිලට !

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ පිරිස හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට විරෝධය දක්වන පිරිස එක්ව වෙනත් අගමැතිවරයෙක් සහිතව ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු කරන්නේ නම් තම පක්ෂය ඇතුළු ඒකාබද්ධයේ සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඔහු මේ බව පැවසූයේ අද (23) පැවති ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

පවතින ආණ්ඩුව හැකි ඉක්මනින් වෙනසකට ලක් විය යුතු බවත් ආණ්ඩුව යනුවෙන් සියලු දෙනාගේ එකතුවක් දැක්වුව ද සිදුවිය යුත්තේ රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුවේ වෙනස් වීමක් පමණක් බව ද වාසුදේව මහතා සඳහන් කළේය.

අග්‍රාමාත්‍යවරයා අද වන විට සමාජ විරෝධි ආකල්පයන් රට තුළ දියත් කරමින් සිටින බවත් එතුමා ඉවත් කිරීමට යොමුවන ඕනෑම විටක තමන් ඇතුළු ඒකාබද්ධය එයට සහයෝගය ලබා දෙන බව ද මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර රජය විසින් සර්ව ජන ඡන්ද බලය අහිමි කිරීමේ උත්සහයක් දරණ බවත් එය ජීවිතය අහිමි වීමකට සමාන බවත් ඡන්ද අයිතිය ලබා ගැනීම වෙනුවෙන් තමා කැපවෙන අතර මේ වසර අවසන් වීමට පෙර රජය ඡන්ද බලය ලබා දීමට කටයුතු නොකරන්නේ නම් ආණ්ඩුවට පැවතිය නොහැකි ලෙස ජාතික විරෝධතාවයකට කටයුතු සංවිධානය කරන බවත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසී ය.

Related posts

ලොව පුරා පුද්ගලයින් මිලියන 60 කට වැඩි පිරිසක් දිළිඳුභාවයට පත්වීමේ අවදානමක්

colombotoday

මේ වසරට වෙන්කර ඇති ණය සීමාව ඉක්මවා තවත් බිලියන 310ක ණයක් ඉල්ලයි.. යෝ්ජනාව මැති සබයට…

colombotoday

සුළු ජාතීන්ට වැඩකරන ජනපති කෙනෙක් බිහිකළ යුතුයි – ඇමැති වී. රාධා කි‍්‍රෂ්ණන්

colombotoday

පාස්කු කොමිෂන් වාර්තාව මහ නාහිමිවරුන්ට

colombotoday

පිරවුම්හලක අයිතිකරු සහ සේවකයින් එක්ව පාරිභෝගිකයෙකුට අමානුෂික ලෙස පහර දෙයි

colombotoday

එල්ටීටීඊ තහනම පවත්වා ගෙන යායුතු බව ඉන්දියාව එක්සත් රාජධානිය ට දන්වයි

colombotoday