Colombo Today Local News

“රට, ජාතිය, ආගම බේරාගැනීමටනම් සිංහල මව්වරුන් වැඩිපුර දරුවන් බිහිකළ යුතුයි“ – ඉසුර දේවප්‍රිය

“අපේ සිංහල අම්මලා වැඩි වැඩියෙන් දරුවන් හැදුවොත් විතරයි මේ රටත් ජාතියත් මේ සම්බුද්ධ ශාසනයත් බේරාගන්න පුළුවන් වෙන්නේ…” යෑයි බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා පැවසිය.

මහ ඇමතිවරයා එම කාරණය අවධාරණය කර සිටියේ, නුගේගොඩ ඇඹුල්දෙණියේ භික්‍ෂු ගිලන් සුව සෙවණ විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙමිනි.

බස්‌නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා මෙසේ ද කීය.

”අපේ සිංහල අම්මලා පුංචි පවුල රත්තරන් කියලා දරුවන් හදන්නේ එක්‌කෙනයි දෙන්නයි. තමන් දරුවන් හදන්නේ නැතුව අපේ සිංහල අම්මලා මුස්‌ලිම් ජාතියට බනිනවා.

මුස්‌ලිම් අම්මලා දරුවන් හතර, පහ, දහය හදනවා. අපේ සිංහල අම්මලටත් දරුවෝ හොඳටම හදන්න පුළුවන්.

මම කියන්නේ පුළුවන් තරම් සිංහල වර්ගයා බෝ කරන්න කියලයි. සිංහල ජාතිය පෝෂණය කිරීමෙන් පමණයි මේ සම්බුද්ධ ශාසනයත්, රටත්, ජාතියත්, ආගමත් බේරාගත හැකිවන්නේ..”

Related posts

තද වැසි ගැන අනතුරු ඇඟවීමේ නිවේදනයක්

Admin

උගන්ඩාවේ ධනය ලඟදිම ගේනවා කොට්ටහච්චි ලෙන්චිනාට කියයි

Admin

රනිල් විරෝධය මැයි රැලියෙන් එළියට.. එජාප ඇමතිලා 17ක් මැයි රැලිය වර්ජනය කරයි !

colombotoday

CIDය හිටපු ජනපතිගෙන් කට උත්තරයක් ඉල්ලයි…

colombotoday

O/L ප්‍රතිඵල නිකුත් වෙයි

Admin

ජයග්‍රහණයෙන් පසු නව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිදුකල ප්‍රථම ප්‍රකාශය

colombotoday