Colombo Today Local News

රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට තීරණයක්

ලංකාව පුරා රෝහල් 15ක ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර තිබේ. ඒ අනුව ව්‍යාපෘතිය කඩිනමින් ක්‍රියාත්මක කිරීමට වැය කෙරෙන මුදල රුපියල් මිලියන 1300ක් බව පැවසෙයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා සඳහන් කරන්නේ ලෝක බැංකු හා ආසියානු සංවර්ධන බැංකු ණය ආධාර යටතේ එය ක්‍රියාවට නංවන බවය.

කොවිඩ් රෝගීන් ඉහළයාම මත ඔක්සිජන් අවශ්‍යතා සහිත පුද්ගලයන්ට කඩිනමින් සැපයීම සඳහා ඔක්සිජන් සිලින්ඩර් ප්‍රවාහනය වෙනුවට දිවයිනේ දුරබැහැර ප්‍රදේශවල රෝහල් කේන්ද්‍ර කර ගනිමින් ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකිරීම වඩාත් ඵලදායී බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලෝක බැංකු ව්‍යාපෘති අධ්‍යක්ෂවරයා පෙන්වා දෙයි.

මේ අනුව තෙල්දෙණිය, රිකිල්ලගස්කඩ, හම්බන්තොට, බදුල්ල, පුත්තලම , කුරුණෑගල ඇතුළු බස්නාහිර පළාතින් පිටත රෝහල්වල මෙම ඔක්සිජන් නිෂ්පාදනාගාර ඉදිකරන බවත් මීට සමගාමිව එම රෝහල්වල කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර දීමේ ඒකක පුළුල් කෙරෙන බවත් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

Related posts

නෙළුවේදී වෑන් දෙකක් ගැටී ප්‍රංශ ජාතික තරුණියක් මිය යයි

Admin

කොවිඩ් එන්නත නොගත් අය ඉක්මනටම මධ්‍යස්ථානවලට කැඳවාගෙන එන්න

colombotoday

චීනයෙන් සයිනොෆාම් එන්නත් මාත්‍රා මිලියන 14ක් මිල දී ගැනීමේ තීරණයක්

colombotoday

හූ හඩ මැද්දේ මන්ත්‍රී ජගත් කුමාර ට බිත්තර ප්‍රහාරයක්

colombotoday

ඉඩම් සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථාවට අනුකූලයි

colombotoday

20 සම්මත වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සලකුණු වුණා – මන්ත්‍රී විජිත හේරත්

colombotoday