Colombo Today Local News

20 සම්මත වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සලකුණු වුණා – මන්ත්‍රී විජිත හේරත්

ඡන්ද 156කින් සම්මත වූ 20 වැනි සංශෝධනය මඟින් ව්‍යවස්ථාදායකයේ හා අධිකරණයේ පණ මුළුමනින්ම නැතිවන බවත් එමඟින් ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම සනිටුහන් වූ බවත් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ඊයේ (23)දින පැලවත්ත පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේය.

පසුගිය කාලය පුරාවට ඒකාධිපති බලය සහිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකින් ඇතිවන පීඩනය කොයි වගේද යන්න ජනතාව දුටු බවත් 20 වැනි සංශෝධනයේ ඇත්ත හරය යටපත් කර ද්විත්ව පුරවැසිකම හා වෙනත් අතුරු කාරණාවලට වැඩි අවධානයක් යොමුකළ බවත් පැවසූ ඒ මහතා පාර්ලිමේන්තුව, අමාත්‍ය මණ්ඩලය, අධිකරණය යන සියලු දේවල් තනි බලයකට යට වීමත් කැබිනට් අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රූකඩ බවට පත්වීමත් සිදුවන බව කියා සිටියේය.

Related posts

හොර වීසා වලින් ඉතාලියට පනින්න ගිය දෙදෙනෙක් මාට්ටු

colombotoday

කළුතර ලී මෝලක් ඇවිලෙයි

colombotoday

බන්දුල, ප්‍රසන්න සහ විමල් අද මානව හිමිකම් කොමිසමට..

colombotoday

ඇමති බලතල අවභාවිතා කරලා.. මුදල් ඇමති රවීට නඩු

colombotoday

විදුලි බිල ගැන අමාත්‍ය මණ්ඩලයේ දී තීරණයක්

colombotoday

සෝභිත හිමි අපවත් වීමට ‍හේතු වූ හදවත් සැත්කමේ අභිරහස…?

colombotoday