Colombo Today Local News

ඩෙංගු මරණ ගණන 150 පනී.. රටක් දියුණු වෙනකොට එහෙම වෙනවා – සෞඛ්‍ය ඇමති කියයි

2017 ජනවාරි මස සිට මෙතෙක් ඩෙංගු රෝගීන් 60.800ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්ධන ඒකකය පවසයි. ජනවාරි මස සිට මේ දක්වා ඩෙංගු රෝගයෙන් මිය ගිය පුද්ගල මරණ සංඛ්‍යාව 150 ඉක්මවන බවද එම ඒකකය අනාවරණය කරයි.

මේ අතර ඩෙංගු වසංගත තත්වය ගැන පසුගියදා කොළඹදී පැවති උත්සවයකදී සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මෙසේ අදහස් දක්වා සිටියා.

“ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා අවශ්‍ය ධූමායන යන්ත්‍ර 500 ක් ආනයනය කර තිඛෙනවා. ඒවා දිවයින පුරා ඛෙදාහැරීම ආරම්භ කළා. කැබිනට් අනුමැතිය යටතේ ඩෙංගු මදුරු මර්දන සහායකයින් 1500 ක් බදවා ගැනීමට රජය පියවර ගෙන තිඛෙනවා. රටක් දියුණු වන විට ඩෙංගු රෝගය ව්‍යාප්ත වන බව මෙි වනවිට සොයාගෙන තිඛෙනවා. මැලේරියා රෝගය වගේ නොවෙයි. නාගරීකරණය හේතුවෙන් ඩෙංගු රෝගය ව්‍යාප්තවීම වැඩියි. බස්නාහිර පළාතේ දක්නට ලැඛෙන්නේ එවැනි ලක්ෂණයක්. මැලේසියාව, සිංගප්පූරුව සහ ඇමරිකා එක්සත් ජනපදයේ ද ඩෙංගු රෝගය ව්‍යාප්ත වී තිඛෙනවා. එම නිසා පිරිසිදුකම ඉතාම වැදගත්.”

“ඩෙංගු රෝගය මර්දනය කිරිම සෞඛ්‍ය අමාත්‍යාංශයට විතරක් කරන්න බැහැ. ජනතා සහ අනෙකුත් රාජ්‍ය ආයතනවල සහයෝගය ද ඊට අවශ්‍යයි. දැනට පරීක්ෂණ වලින් සොයාගෙන ඇති ආකාරයට නිවාස තුල විවිධ ස්ථානවල ඩෙංගු මදුරු කීටයින් බෝවෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශය සිදු කරන්නේ රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීමයි. අද විනවිට ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව සියයට දශම 2 ක් දක්වා අඩු වී තිඛෙනවා. එම නිසා සෞඛ්‍ය අමාත්‍යාංශයේ ක්‍රියාවලිය හොදයි. ඩෙංගු මදුරු මර්දන කටයුතු සදහා රජය විශාල මුදලක් වැය කරනවා. පසුගිය වසරේ ඩෙංගු රෝගය ව්‍යාප්තවීමට බලපෑවෙි ගංවතුරයි. මෙම වසරේ ද දිස්ත්‍රීක්ක 08 ක් ගංවතුරට මුහුණ දුන්නා. එම දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය පැතිරයාම සිදු වන්නේ ඉදිරියටයි. ඊට මුහුණ දීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය සැලසුම් සකස් කර තිඛෙනවා. ඒ සදහා මාස 03 ක වැඩසටහන් අඛණ්ඩව ක්‍රීයාත්මක කරනවා.”

Related posts

සෞඛ්‍ය වැඩවර්ජනය හෙට අවසන්

Admin

විශිෂ්ඨ බුද්ධි විරුවෙකු මත පාස්කු ප්‍රහාරය පැටවීමේ සිරිල් ගාමිණි පුජක තුමාගේ කතාව CIDයට

colombotoday

‘කෑම බෙදන්න මම එනකං ඉන්න‘ – ආපදාවට ලක්වූ ජනතාව බඩගින්නේ තබා ගුවනින් ගිය ඇමති !

colombotoday

ප්‍රමිත බණ්ඩාරට ආණ්ඩු පක්ෂයේ අලුත් තනතුරක්

colombotoday

පාස්කු ප්‍රහාරයේ විමර්ශන ගැන පොලිස්පතිගෙන් විශේෂ ප‍්‍රකාශයක්

colombotoday

නිරෝධායන නීති කැඩූ තවත 123ක් අත්අඩංගුවට

colombotoday