Colombo Today Local News

ගණිත අංශයෙන් සරසවි වරම් ලැබූ සිසුවා මිය යයි

මෙවර අපොස උසස් පෙළ ගණිත අංශයෙන් ඉහළින්ම සමත් විශ්ව විද්‍යාල වරම් ලැබූ කුරුණෑගල මලිය⁣දේව විදුහලේ ශිෂ්‍යයකු ප්‍රතිඵල ලැබී දින දෙකකට පසුව හදවත් රෝගයකට ගොදුරුව හදිසියේම මරණයට පත්වීමේ ශෝචනීය පුවතක් වැල්ලව පොලීසිය පවසයි.

මෙම අකල් මරණයට ගොදුරුව ඇත්තේ වැල්ලව පොලිස් බළ ප්‍රදේශයට අයත් තෝරයාය රණවන ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි ආර්.ජී.මනුජය හංසමාල් නමැති තරුණයෙකි.

ඔහු පෙරේදා (7) රාත්‍රියේ නිවසේ නිදා සිටියදීම මරණයට පත්ව සිටි බව පොලීසිය පවසයි.

මියගිය තරුණයා පසුගිය වසරේ උසස් පෙළ විභාගයට ගණිත අංශයෙන් දෙවැනි වරටද පෙනී සිට ඇති අතර එම විභාගයට පසුගියදා නිකුත් කරන ලද ප්‍රතිඵල වලට අනුව ඔහු බී සාමාර්ථ තුනක් ලබමින් විභාගයෙන් සමත්ව සිට ඇත.

උසස් පෙළට පෙනී සිටි අතරේදීම ඔහු මහජන බැංකුවේ කුරුණෑගල මල්ලවපිටිය ශාඛාවේ ගිණුම් ලිපිකරුවකු ලෙස තාවකාලිකව රැකියාවකද නිරතව සිට ඇත.

Related posts

ශ්‍රීලනිපය මකවා හදයි.. මහින්දවාදීන් විසිවෙයි!

colombotoday

පෙට්ටි නම් ලෑස්තියි – අපිත් දැන් ලෑස්ති වෙමුනේ ?

Admin

රන් පවුම රු185,000ට නගී

colombotoday

චීන යාළුකමෙන් ඉන්දියාව උරණ වෙයි.. රජයේ නියෝජිතයෙකු වහාම නවදිල්ලියට !

colombotoday

අයි ටී එන් නව සභාපති නිරෝෂන් ප්‍රේමරත්න

colombotoday

විදුලිය බිද වැටුනේ තාක්‍ෂණික දෝෂයකින් නොවේ.. ආණ්ඩුව හිතා මතා කල වැඩක්- හිටපු මන්ත්‍රී චමින්ද කියයි

colombotoday