Colombo Today Local News

යහපාලන දීගය දැන් ඇති.. මහින්දව අගමැති කරන්න – ජනපතිට යෝජනා කරයි

වත්මන් යහපාලන ගිවිසුම අවසන් වීමෙන් පසු තවත් කල් නොයවා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හෝ ඒකාබද්ධ විපක්ෂයේ වෙනත් අයෙකු අග්‍රාමාත්‍ය ධුරයට පත් කරන්නැයි දේශය සුරකීමේ ජාතික ව්‍යාපාරය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.

ආචාර්ය නලීන් ද සිල්වා මෙම අදහස් පල කළේ කොළඹ ඊයේ පස්වරුවේ පැවති සම්මන්ත්‍රණයකදීය.

පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සහ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන, මහාචාර්ය ජී. එල්. පීරිස් හා කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු පිරිසක් ද ඊට සහභාගී වී සිටියේය.

ඒකාබද්ධ විපක්ෂයේ මෙම නියෝජිතයින් අමතමින් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් කියා සිටියේ වෙනත් පාර්ශව සමග ගිවිසුම්වලට එළඹෙනවා සේම මින් ඉදිරියට සිය සහය අපේක්ෂා කරන්නේ නම් තමන් සමග ද ගිවිසුමකට එළඹිය යුතු බවයි.

රට දෙකඩ කිරීමට ඉඩ නොදෙමු යන තේමාව යටතේ මෙම සම්මන්ත්‍රනය සංවිධාන කර තිබිණ.

Related posts

ඥාණසාර හිමියන් ඇතුළු පිරිස රැදී සිටි හෝටලය මියන්මාර හමුදාවෙන් වටකරයි !

colombotoday

චීන දූත පිරිසක් අද ශ්‍රී ලංකාවට

colombotoday

ඉන්ෆ්ලුවන්සා A වෛරසය දරුවන් අතර ව්‍යාප්තිය ඉහළට

Admin

හල්දුම්මුල්ල කඳු මුදුනේ ඉදිකෙරෙන ජලාශයට මන්ත්‍රීවරුන්ගේ විරෝධය

colombotoday

ජනපති හා කථානායක හමුව අද සවස 5ට

colombotoday

බස්නාහිර පාසල්වල වර්ෂා අවසාන විභාග කඩදාසි නැතිව කල්යයයි

colombotoday