Colombo Today Local News

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීමට ණය ඇපකර ලබාදීම වසර අවසානයේ…

ආර්ථික අර්බුදය හමුවේ වඩාත්ම පීඩාවට පත්ව ඇති ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම සඳහා ණය ඇපකර ලබාදීම වසරේ ඉදිරි මාස කිහිපය තුළ ආරම්භ කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පවසයි.

ආර්ථිකයේ යම් පිබිදීමක් සිදු වෙමින් පැවතියද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින් අර්බුදයක සිටින බව අමත්‍යවරයා පෙන්වා දෙයි.

මේ වනවිට අදාළ ණය ඇපකර ලබාදීම සඳහා ජාත්‍යන්තර සංවිධාන සමග සාකච්ඡා ආරම්භ කර තිබෙන බවද සඳහන්.

එමෙන්ම දළ දේශීය නිෂ්පාදිතයෙන් 52%කට සහ රැකියා නියුක්තියෙන් 45%කට දායකත්වය දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකත්වය රැක ගැනීම මෙරට ආර්ථිකය ඉදිරියට ගෙන යාමේ ප්‍රධාන සාධකයක් වන බව අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටී.

Related posts

විදුලිබල මණ්ඩලය සැපයුම්කරුවන්ට කෝටි 65,500 ක් ණයයි

Admin

70 වන නිදහස් දින සමරන්න ශ්‍රී ලංකාව නම් රටක් නැතිවෙයි !!

colombotoday

අද සිට පාසල් ළමුන් ප්‍රවාහනයට සිසු සැරිය බස් රථ 1400ක්..

colombotoday

ඩයනාගේ නඩු විභාගයක් බලන්න සජිත් අධිකරණයට

Admin

නූතන දුටුගැමුණු දැම්මට සිංහලයා බෙදිල නිසා රාජපක්ෂලාට දිනන්න බෑ… දිනන්නේ දෙමළ, මුස්ලිම් ඡන්ද ලැබෙන යූ.ඇන්.පී. අපේක්ෂකයායි

colombotoday

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණූ ජෝනා මාට්ටු

Admin