Colombo Today Local News

ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණූ ජෝනා මාට්ටු

ටොනික් මූඩි උපයෝගී කරගනිමින් විද්‍යුත් ක්‍රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ වරකාගොඩ ගොඩපොරහේන ප්‍රදේශයේ පදිංචි ජෝනා අත්අඩංගුවට ගත් බව වරකාගොඩ පොලිසිය පවසයි.

සැකකරු ගොඩපොර හේන ප්‍රදේශයේම පදිංචි ජෝනා නම් අනුවර්ත නාමයෙන් හැඳින්වෙන 33 හැවිරිදි අයෙකු බවත් ඔහු හෙරොයින් ජාවාරමේ නිරත වන බවට ලැබුණු තොරතුරක් මත සිදුකළ වැටලීමකදී සැකකරු ඔහුගේ නිවසේ දීම හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු ඉතා සූක්ෂම ලෙස ටොනික් පියන අස්සේ රුපියල් දෙදහසේ හෙරොයින් මුලක් දමා මාර්ග වල නොයෙක් ස්ථානවල තබමින් විද්‍යුත්ක්‍රමය ඔස්සේ මුදල් ලබාගෙන මෙම ජාවාරම සිදු කර ඇති බවට පොලිසියට අනාවරණය කරගෙන ඇත.

මේ ක්‍රමය ඔස්සේ සැකකරු වරකාගොඩ, නෑබඩ, ඉද්දගොඩ තෙබුවන, දොඩම්ගොඩ ආදී ප්‍රදේශවල හෙරොයින් බෙදාහැරීමේ කටයුතු සිදුකර ඇති බව පොලිසියට අනාවරණය කරගෙන තිබේ.

Related posts

නැවතත් දිනූ පුටින්

Admin

පළාත් පාලන ආයතන වල මන්ත්‍රී සංඛ්‍යාව අඩු කිරීමට සාකච්ඡා..

colombotoday

දේශීය යාන්ත්‍රණයෙන් “හමුදාවේ වැරදිකරුවන්ට පමණක්“ දඩුවම් දෙනවා – එස්.බී.

colombotoday

රූපවාහිනියට සභාපතිලා දෙදෙනෙක් ! – මංගලගේ අලුත් පත්කිරීමට ජනපති හරහට හිටී…

colombotoday

ඡන්දහිමියන්ට කොමිසමෙන් නිවේදනයක්

colombotoday

පොලිසියේ දෙදෙනකුට පොල්ලෙන් ගසා මූණට ගලකින් ගහලා…

Admin