Colombo Today Local News

ඡන්දහිමියන්ට කොමිසමෙන් නිවේදනයක්

කුලී හෝ බදු නිවැසියන් මෙන්ම අනවසර පදිංචිකරුවන්ට ද අනෙකුත් සුදුසුකම් සම්පූර්ණ කරන්නේ නම් තමන් සාමාන්‍ය පදිංචි ලිපිනයේ ඡන්දහිමියකු ලෙස ලියාපදිංචි විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව දේපළ අයිතිය පිළිබඳව අවධානය යොමු නොකරන බව දැනුම්දෙයි.

මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් පෙන්වා දෙන්නේ එලෙස ඡන්දය ලියාපදිංචිවීම සඳහා දේපළ අයිතිකරුගේ කැමැත්ත හෝ එකඟතාව ද අවශ්‍ය නොවන බවය.

ඡන්දහිමියෙකු ලෙස ලියාපදිංචිවීම සඳහා පුරවැසියන්ට බාධා කිරීම අධිකරණයක් මගින් දඩයකට හෝ බන්ධනාගාරගත කිරීමකට හෝ මේ දෙකටම හෝ යටත්විය යුතු වරදක් බවද එම කොමිසම සඳහන් කරයි.

මෙම තත්ත්වයන් මත මෙතෙක් ඡන්දහිමියන් ලෙස ලියාපදිංචිවීමට නොහැකි වූ පුද්ගලයින් සිටීනම් එළඹෙන 17 වනදාට පෙර දිස්ත්‍රික් මැතිවරණ කාර්යාල වෙත ඔබගේ හිමිකම් ඉල්ලීම ඉදිරිපත් කළ හැකිය.

ඒ සම්බන්ධ ඉල්ලුම් පත්‍රය www.elections.gov.lk වෙබ් අඩවියෙන් භාගත කරගත හැකි අතර 0112860031, 0112860032 හෝ 0112860034 යන දුරකථන අංක අමතා වැඩිවිස්තර ලබා ගැනීමට හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මේ සම්බන්ධ සම්පූර්ණ නිවේදනය පහතින්,

Related posts

නාකොටික් නිලධාරීන්ගේ නිවෙස් රස පරීක්ෂකවරයාගේ නිරීක්ෂණයට ලක් කරයි

colombotoday

මිල සූත්‍රය තිබුණානම් ඉන්ධන මිල අද වනවිට තවත් පහල දානවා… මහින්ද වැඩේ කෑවා…

colombotoday

“ජනතාව අසංවර නම් රට වැහුවත් කොරෝනා පාලනය කරන්න බෑ.. සෑම කෙනෙක්ම තමන්ගේ වගකීම ඉටු කරන්න”

colombotoday

ක්‍රීඩකයන් 9ට නිලධාරීන් 46ක් ඔලිම්පික් ගිහින්.. එහෙම වුණේ කොහොමද? අගමැති අසයි

colombotoday

නවම් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

colombotoday

පොලිස් කොස්තාපල්වරයෙක් සිය ගිනි අවියෙන් දිවිනසාගනී

colombotoday